විමර්ශන නිලධාරීන්ගේ ක්‍රියාපිළිවෙත ගැටලු සහගතයි

  👤  553 readers have read this article !
By mawbima 2018-05-28

උදයන්ති මුණසිංහ

පාරිභෝගික සේවා අධිකාරිය විසින් අද (28දා) දිනයේ සිදු කරන වැඩ වර්ජනයෙන් එම අධිකාරියේ සැබෑ නිරුවත හෙළිවන බවත්, එම අධිකාරියේ රාජකාරිය වන්නේ ආණ්ඩුවට මුදල් සෙවීමද නැතහොත් පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීමද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවන බවත්, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් පවසයි. කොළඹ අක්‍ෂි රෝහලේ ආපන ශාලාවේ තිබී පසුගියදා හමුවූ කල් ඉකුත්වූ තේ කොළ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී කටයුතු කළ ආකාරය ගැටලු සහගත බවත්, තම සංගමය එය පෙන්වාදීමෙන් අනතුරුව පාරිභෝගික නිලධාරීන් තම සංගමයට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් සිදුකොට අද දිනයේ වැඩ වර්ජනයක් සිදු කිරීමට කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි.

එම ආපනශාලාවේ තිබී හමුවූ කල් ඉකුත්වූ තේ කොළවලට පාරිභෝගික අධිකාරිය නඩු දැමීම සම්බන්ධයෙන් තම සංගමය ගරු කරන නමුත්, නඩු දැමූ ආකාරය පිළිබව බරපතළ සැක සංකා මතුවන බවත් ඔහු සඳහන් කරයි.

එම අවස්ථාවේදී පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට එම තේ කොළ සැපයුම්කරු ඉන්නා ස්ථානය සහ එම තේ කොළ අලෙවි කරන ස්ථාන පිළිබඳව තම සංගමය විසින් දැනුම් දුන්නද ඒවාට නීතිය ක්‍රියාත්මක නොකර ආපනශාලා හිමියාට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීම බරපතළ ගැටලුවක් බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon