කරාපිටියේ ජපන් බෞද්ධ කාර්යාලයට විරෝධය පා භික්ෂුන් විරෝධතාවක

  👤  561 readers have read this article !
By mawbima 2018-05-28

ඉමදුව - ටී. විතානවසම් ,මාපලගම - රසික සෙනෙවිරත්න

ජපන් බෞද්ධ සංවිධානයක කාර්යාලයක් ගාල්ල කරාපිටියේ ආරම්භ කිරීමට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක ස්වාමීන් වහන්සේ ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් ඊයේ (27දා) එම ජපන් බෞද්ධ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

ලංකා හොන් මෙන් බුත්සුරයු ෂු නමැති ජපන් බෞද්ධ සංවිධානයේ කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයක් ජපානයේ 26 වැනි සංඝනායක තකසු නිර්චියෝ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27දා) පැවැත්විණි.

ගාල්ල කරාපිටිය බෝගහවේල්ල පාරේ බදුවත්ත ප්‍රදේශයේ ඉදිකර විවෘත කරනු ලැබූ මෙම කාර්යාලය විවෘත කිරීම ඊයේ උදෑසන 9.00ට පමණ සිදුවූ අතර මෙම අවස්ථාවට ජපන් ජාතිකයෝ පනහකට ආසන්න පිරිසක් එක්ව සිටියහ.

මෙම විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් පැමිණ මෙම ස්ථානයේ සාමකාමී විරෝධතාවක නියුතු වෙමින් මහයානික බුදුදහම ප්‍රචලිත කරනු ලබන මෙම නිකාය පවත්වාගෙන යෑමට විරෝධය පළ කර සිටියහ.

මේ විරෝධතාව අතරවාරයේම විවෘත කිරීමේ ආගමික වතාවත් අවසන් වූ අතර මෙම උත්සවයට පැමිණ සිටි ජපන් ජාතිකයන් සහ ආරාධිතයන් එම ස්ථානයෙන් පිටව යනු දක්නට ලැබිණි.

මෙම අවස්ථාවේදී අදාළ ජපන් බෞද්ධ සංවිධානය සම්බන්ධයෙන් විරෝධතාවේ යෙදුණු පිරිස් වෙත කරුණු දැක්වීමට යෑමත් සමඟ යම් උණුසුම් කතාබහක් ඇතිවූ අතර පොලිසිය මැදිහත්ව සමථයකට පත් කරන ලදී.

ඉදිරි දිනයක සාකච්ඡාවක් පවත්වා මෙම ප්‍රශ්නය විස¼දා ගැනීමේ එකඟතාව මත දෙපිරිසම විසිර ගියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon