නියෝජ්‍ය කථානායක ධුරයට ඒකාබද්ධයේ මන්ත්‍රිවරයෙක්?

  👤  519 readers have read this article !
By mawbima 2018-05-28

ආරියරත්න ගනේගොඩ

පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය කථානායක ධුරයට සිය කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රිවරයකු යෝජනා කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ අවධානය යොමුවී තිබේ.

නියෝජ්‍ය කථානායකවරයා තෝරා ගැනීමට රහස් ඡන්දයක් පැවැත්විය යුතු යැයි යෝජනා කිරීමටද ඒකාබද්ධ විපක්‍ෂයේ අවධානය යොමුව ඇති බවද අනාවරණය වේ.

පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය කථානායක ධුරයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ශ්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රි අංගජන් රාමනාදන් යෝජනා කර තිබේ.

කෙසේ වෙතත් ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ශ්වයෙන් ඊට විරෝධයක් එල්ල වී ඇත. ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ දැනට නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය දරන පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වම් අඩෛක්කලනාදන් නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත් කළ යුතු බවයි.

මීට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබුර් රහුමාන් මන්ත්‍රිවරයාගේ නමද නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යෝජනා කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon