කටුනායකදී ශ්‍රී ලන්කන් ගුවන් යානයක වතුර බවුසරයක් හැපිලා

  👤  607 readers have read this article !
By mawbima 2018-05-28

කටුනායක _ ගයා තිරිමාදුර

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ නවතා තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක, වතුර රැගෙන පැමිණි බවුසරයක් ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.
මෙය ඒ _ 320 'එයාර් බස්' වර්ගයට අයත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානයකි.

එම යානය ඉන්දියාවේ ලාහෝර් සිට යූ.එල්. _ 186 දරන ගුවන් ගමන නිමවා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

පෙරේදා (26දා) අලුයම 5.48ට පමණ එම යානයට වතුර රැගෙන පැමිණි බවුසරයක් එම යානයේ පිටුපස කොටසේ ගැටී ඇති අතර එමඟින් රුපියල් කෝටි එකහමාරක පමණ අලාභයක් සිදු වී ඇතැයි ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙක් පැවැසීය.

මෙම බවුසරය පැදවූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ රියැදුරුගේ වැඩ තහනම් කර ඇත. මෙම අනතුර සිදුව ඇත්තේ ලිස්සා යෑමක් නිසාද, නැතිනම් රියැදුරු අතින් සිදුවූ වරදක් නිසාද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණයක් අරඹා ඇති අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම යානය අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon