ගංවතුරට අසුවූ පුද්ගලයන්ගෙනුත් කප්පම් අරන්

  👤  544 readers have read this article !
By mawbima 2018-05-28

ගංවතුරට යටවූ පුද්ගලයන්ගෙන් කප්පම් ලෙස මුදල් ලබාගත් පිරිසක් පිළිබඳ මාරවිල මහවැව ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස කප්පම් ලෙස මුදල් ඉල්ලන අයුරු අප කැමරාවේ සටහන් කර ගැනීමටද හැකි විණි.

හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ හා මහවැව ප්‍රදේශ අතර ස්ථාන කීපයක් ජලයෙන් යටවීම හේතුවෙන් සැහැල්ලු වාහන ගමනාගමනට පසුගියදා (25දා) සිට බාධා එල්ල වී තිබිණි.

විකල්ප මාර්ගද නොමැති වීම හේතුවෙන් වාහන තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් පැය 12කට ආසන්න කාලයක් මාර්ගයේ රැඳී සිටීමට සිදුවූ අතර ඇතැම් වාහන හිමියන්ට තම ගමනාන්තයට යෑමට නොහැකිව ආපසු හැරී යෑමටද සිදුවිණි.

මේ වාහන හිමියන්ට උදවු කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ වෙන්නප්පුව ප්‍රදේශයේ ගරාජ් හිමියකුට හා තවත් කීප දෙනකුට මේ කාර්යය කිරීම සඳහා කප්පම් ලබාදීමට සිදුවූ අතර කප්පම් ලබාදීම ප්‍රතික්ෂේප කළ පිරිසකට මේ සේවාව කිරීම සඳහා ඉඩ ලබාදීම කප්පම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

මේ හේතුවෙන් මේ සේවාව කළ ඇතමෙක් මේ සේවාව කිරීමෙන් ඉවත් වූ අතර ඒ හේතුවෙන් වාහන රැසක් පසුගිය දිනවල මාර්ගයේ තැනින් තැන තිබෙන අයුරු දක්නට ලැබිණි. ඇතැම් වාහන හිමියන්ටද වැඩි මුදලක් ගෙවා මේ ස්ථානයෙන් යෑමට සිදුවූ අවස්ථාද වාර්තා විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon