රාජපක්ෂ ආණ්ඩුව හා මුස්ලිම් ප්‍රජාව අතර භේද ඇති කළේ දෙස්-විදෙස් බලවේගයි

  👤  3593 readers have read this article !
By mawbima 2018-06-13

පසුගිය ආණ්ඩුවේ අවසන් අවුරුදු කිහිපය තුළ දේශීය සහ විදේශීය විවිධ පාර්ශ්වයන් මහින්ද රාජපක්‍ෂ පරිපාලනය සහ මුස්ලිම් ප්‍රජාව අතර භේදයක් ඇති කිරීමට උත්සාහ දැරූ බව රහසක් නොවෙයි.

මෙය ඉතා සැලසුම් සහගතව කෙරුණා. ප්‍රජාව තුළ බොරු පතුර වනු ලැබුවා. මුස්ලිම් ප්‍රජාව රාජපක්‍ෂ පරිපාලනයෙන් බිඳ වැටීමට හේතුවන අනපේක්‍ෂිත සිදුවීම් ඇතිවන කටයුතු කළා. නමුත් මේ අවස්ථාවාදීන්ට අවස්ථාවක් නොදෙන විදිහට අපිට සමහර කටයුතු වෙනස් ආකාරයට කිරීමට තිබූ බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

ජාතික මුස්ලිම් එකමුතුව (ව්චබඪධදචත ර්භඵතඪථ ඛ්ධතතඥජබඪමඥ) මඟින් ඉකුත් 8දා කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී සංවිධානය කරන ලද ඉෆ්තාර් සැමරුමට සහභාගි වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

එහිදී ඒ මහතා මෙසේද කීය.

"අවාසනාවන්ත ලෙස මේ බොරු සහ සිදුවීම්වලින් ඇති කරනු ලැබූ වැරැදි හැඟීම් බොහෝ ශක්තිමත් වුණා. රාජපක්‍ෂ පරිපාලනයේ අවංකත්වය මුස්ලිම් ප්‍රජාවගෙන් බහුතරයකට තහවුරු කිරීමට අප අපොහොසත් වුණා."

"පසුගිය සති කිහිපය තුළ මට බේරුවල තිබුණු ඉෆ්තාර් උත්සවයකට සහභාගි වෙන්න ලැබුණා. බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමා ගාල්ලේ පැවැති ඉෆ්තාර් උත්සවයකට සහභාගි වී සිටියා. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා කොළඹ ඔහුගේ නිල නිවෙසේදී ඉෆ්තාර් උත්සවය සැමරුවා.

මෙම අවස්ථාවට මේ රාමසාන් මාසය තුළදී සහභාගි වීමට සහ මුස්ලිම් ප්‍රජාවේ අපේ මිත්‍රයන් සමඟ එකතු වීමට ලැබීම සතුටක්.

මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද මුස්ලිම් ප්‍රජාවේ දිගුකාලීන මිතුරෙක්. 1970දී ඔහු තමයි පාර්ලිමේන්තුවේ හිටි තරුණ සභිකයකු ලෙස ශ්‍රී ලංකා - පලස්තීන මිත්‍රත්ව පදනමේ පළමු සභාපතිවරයා බවට පත් වුණේ.
ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා තේරී පත්වූයේ තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධයකින් විනාශ කළ රටකටයි. ත්‍රස්තවාදය හේතුවෙන් මුළු රටටම මහත් දුෂ්කරතා විඳින්න සිදුවූ බව ඔබ දන්නවා. විශේෂයෙන්ම උතුරේ සහ නැඟෙනහිර මුස්ලිම් ප්‍රජාවට එය දැඩි ලෙස බලපෑවා.

1990දී එල්.ටී.ටී.ඊ.ය මුස්ලිම්වරුන් 75,000ක් එක් රාත්‍රියකදී උතුරෙන් ඉවත් කළ බව සඳහන් වෙලා තියෙනවා. නැඟෙනහිර පළාතේ පල්ලිවලට වරින්වර ප්‍රහාර එල්ල කරද්දී සමූල ඝාතනයන් සිදු කරද්දී දහස් ගාණක් දැඩි බයකින් ජීවත් වුණා. රාජපක්‍ෂ ආණ්ඩුව ප්‍රමුඛත්වය ලබා දුන්නේ මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කරලා ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලාංකිකයන්ට සාමය උදාකරලීමටයි.

එල්.ටී.ටී.ඊ.ය රට පුරා දේශපාලනඥයන්ට ප්‍රජා නායකයන්ට, හමුදා නිලධාරීන්ට සහ සිවිල් ජනතාවට මරාගෙන මැරෙන බෝම්බකරුවන්, වාහන බෝම්බ, ක්ලේමෝ බෝම්බ සහ වෙනත් ප්‍රහාර මඟින් පහර දුන් ආකාරය ඔබට මතක් වන බවට සැකයක් නෑ.

මෙවැනි ප්‍රහාර වළක්වන්න පූර්වෝපායන් වශයෙන් අන්තයට ගිය සමහර පියවර ගන්න වුණා. ඒකයි ආරක්‍ෂක බළකායක් සහ පොලිසිය මාර්ග බාධක දැම්මේ. මෙහෙයුම් දියත් කළේ. ත්‍රස්තවාදයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ.

එවැනි ක්‍රියාවන් දේශපාලන විරුද්ධවාදීන්ට හෝ වෙනත් පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට විරුද්ධව ඉලක්ක කරගත් ඒවා නොවෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමට සහ අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීමට කරන්න සිදුවූ දේයි. ඔබ දන්නා පරිදි අපේ රටේ මිනිසුන්ගේ සුබසිද්ධිය පිණිස අපි අවසානය තෙක් කාර්යභාරය සම්පූර්ණ කළා.

යුද්ධය නිමා වූ වහාම උතුර හා නැඟෙනහිර ප්‍රදේශයන්හි සංවර්ධන කටයුතු සිදු කළා. රාජපක්‍ෂ පරිපාලනය මේ සියලු දේ කළේ ඒ ප්‍රදේශවල ජීවත් වන ප්‍රජාවගේ යහපත පිණිසයි.

සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සෑම ප්‍රජාවකටම සාමයෙන් නිදහසේ ඔවුන්ගේ දරුවන්ට උගන්වාගෙන, තම විශ්වාසය අනුව ගරුත්වයෙන් යුතුව තමන්ගේ සිරිත් රැකගෙන ජීවත් වීමේ අනාගතයක් තියෙනවා. නමුත් අවාසනාවකට සමහර දෙස් - විදෙස් බලවේග මේ ඓතිහාසික ගමන නවතා දැමීමට එකතු වෙනවා.'

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon