48 දෙනකුගෙන් සමන්විත කමිටුවක් උතුරු නැඟෙනහිර සංවර්ධනයට

  👤  3474 readers have read this article !
By mawbima 2018-06-13

ලක්ෂ්මී ජයකොඩි

උතුරු නැඟෙනහිර පළාත් සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙනම කමිටුවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානය සඳහන් කරන්නේ ඒ සඳහා වන ගැසට් පත්‍රය පසුගිය 04 වැනිදා නිකුත් කොට ඇති බවයි.

ජනාධිපතිවරයා විසින් මඩකළපුව දිස්ත්‍රික්කයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් උතුරු නැඟෙනහිර පළාත් සංවර්ධනය සඳහා මහජන නියෝජිතයන් හා රාජ්‍ය නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කමිටුවක් පත් කරන බව ප්‍රකාශ කොට තිබිණි.

ඒ අනුව මෙම කමිටුව සාමාජිකයන් 48 දෙනකුගෙන් සමන්විත වන අතර එහි සභාපතිත්වය ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශ ලේකම් වයි. සිවඥානසෝති මහතා පත් කොට තිබේ.උතුරු හා නැඟෙනහිර පළාත්වල ආරම්භ කොට ඇති සංවර්ධන කටයුතු අධීක්ෂණය හා ඒවා පවත්වාගෙන යෑම, දිරිදීම, නව සංවර්ධන කටයුතු හඳුනා ගැනීම, පළාත් සභාව හා එක්ව සංවර්ධන කටයුතු සිදු කිරීම, සම්බන්ධීකරණය ඇතුළු සංවර්ධන කටයුතු පිළිබඳ කාර්යයන් රැසක් අදාළ ගැසට් පත්‍රය මඟින් නියම කොට ඇති බවද දෙමළ ජාතික සන්ධානය කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon