අර්ජුන මහේන්ද්‍රන් ඉතා සංවිධානාත්මකව භාණ්ඩාගාරයට යා යුතු රාජ්‍ය මුදල් තම බෑනාගේ සමාගමට ඇදගැනීමට චේතනාන්විතවම ක්‍රියා කරලා

  👤  3615 readers have read this article !
By mawbima 2018-06-13

කමල් මහේන්ද්‍ර වීරරත්න

2015 ජනවාරි මස 15 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස පත්කරන ලද අර්ජුන මහේන්ද්‍රන් ඉතා සංවිධානාත්මකව රාජ්‍ය භාණ්ඩාගාරයට යායුතු රාජ්‍ය මුදල් තම බෑනාගේ සමාගමට ඇද ගැනීමට චේතනාන්විතවම (ඪදබඥදබඪධදචතතර) ක්‍රියාකොට ඇති බවටත් ඔහුගේ සෘජු මැදිහත්වීමෙන්ම ඒ සියල්ල සිදුවී ඇති බවටත් "මහ බැංකු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම" 'බිඳ හෙළිය නොහැකි' (ඪපපඥඵඪඵබචඡතඥ ජධදජතභඵඪධද) නිගමනයට' එළඹ ඇති බවත්, ඊට සෘජුවම සම්බන්ධවී ඇති අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන යන දෙදෙනා එම සාපරාධී අපරාධයේ 2 වැනි හා 3 වැනි සැකකරුවන් බවත් ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පෙරේදා (11දා) අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.

ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා එසේ කියා සිටියේ අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන යන දෙදෙනාට ඇප ලබානොදීම සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති ප්‍රතිශෝධන පෙත්සම් පිළිබඳ විභාගයේදීය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා විනිසුරු ශිරාන් ගුණරත්න යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්විණි.

ඊයේ පෙත්සම් විභාගය ආරම්භ වූ අවස්ථාවේදී එකී ප්‍රතිශෝධන අයැදුම්වලට එරෙහිව නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් කෝදාගොඩ මහතා මෙසේද කියා සිටියේය.

මෙම පෙත්සම්කරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ 'බී' වාර්තාවක් ඉදිරිපත් කරමින් ඔවුන්ට එරෙහිව ඇති 'සාපරාධී අපරාධ චෝදනා' ගැන පැහැදිලි කර දෙනු ලැබුවා.

ඉන් අනතුරුව එකී චෝදනා ඉතා බරපතළ අපරාධ චෝදනාවන් බැවින් ඔවුන් නිදැල්ලේ තැබීම දෙයාකාරයකින් අවදානම් සහිත බව ගරු මහෙස්ත්‍රාත්තුමියට පැහැදිලි කර දුන්නා.
ඉන් එක් ආකාරයක් නම් මෙම බරපතළ සාපරාධී අපරාධ චෝදනාවේ 1 වැනි විත්තිකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු
පරීක්ෂණවලදී අනාවරණය කරගත් කරුණු හා වෝහාරික පරීක්ෂණ (ජ්ධපඥදඵඪජ ඪදඳභඪපර) වාර්තා අනුවත්, මෙකී ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව ඉතා පුළුල් විමර්ශනයක් හා පරීක්ෂණයක්ද සාක්ෂි විභාගයක්ද පැවැත්වූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් එළැඹ ඇති බිඳහෙළිය නොහැකි නිගමන අනුවත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නම් කොට තිබෙනවා.

ඊට අමතරව එකී බරපතළ සාපරාධී අපරාධ ක්‍රියාවලියේදී ඔහුත් සමඟ සෘජුව සම්බන්ධ වෙමින් ඉතාමත්ම අධි සංවේදී රහස්‍ය තොරතුරු ලබාගැනීම මඟින් මහා භාණ්ඩාගාරයටත් ශ්‍රී ලංකා මහ බැංකුවටත් එමඟින් සමස්ත රටටත්, රටේ ආර්ථිකයටත්, මූල්‍ය කළමනාකරණයටත් අතිමහත් විනාශකාරී හානියක් සිදුකරමින් රාජ්‍ය මුදල් තම සමාගමට රැස්කර ගැනීමට ක්‍රියාකිරීම සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස් 2 වැනි විත්තිකරු ලෙසත්, එම පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් නිරන්තරවම මැදිහත්වෙමින් ක්‍රියාකොට ඇති කසුන් පලිසේන 3 වැනි විත්තිකරු ලෙසත් නම් කර තිබෙනවා.
මෙම පෙත්සම්කාර 2 වැනි විත්තිකරු කොමිසමේ විමර්ශන පැවැත්වෙන කාලය අතරතුරදීද විමර්ශනයේදී සාක්ෂි දීමට ඉදිරිපත් වූ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම හා බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක්වූ අයෙක්.

එම තත්ත්වයන් තුළ මොහු නිදැල්ලේ සිටීමට ඉඩහැරියහොත් නඩු කටයුත්තට මහත්සේ ප්‍රයෝජනවත් වන සාක්ෂිවලට බලපෑම් කිරීමට ඉඩ ලැබෙනවා.

අනෙක් ආකාරය නම් මෙම බරපතළ සාපරාධී අපරාධ නඩුවේ 1 වැනි විත්තිකරු ලෙස නම්කොට ඇති මොහුගේ මාමණ්ඩිය රටින් පැනගොස් අධිකරණ නියෝගවලට පිටුපාමින්, ඒවාට ගරු නොකරමින් හා අවනත නොවෙමින් විදේශගතව සිටිනවා.

මාමණ්ඩිය ගිය පාරෙන්ම මෙම විත්තිකරුත් ඔහුගේ අපරාධ සගයාත් රටින් පිටව ගොස් අධිකරණය මඟහැර සිටීමේ අවදානම සියයට සියයක්ම තිබෙනවා.

මෙන්න මේ කරුණු සැලකිල්ලට ගනිමිනුයි මහෙස්ත්‍රාත් අධිකරණයේදීත් මහාධිකරණයේදීත් මෙම පෙත්සම්කරුවන්ගේ ඇප අයැදුම්පත් ප්‍රතික්ෂේප කරන ලද්දේ.
එබැවින් එම අධිකරණය මඟින් එළඹ ඇති නිගමනයන් හා ඇප අයැදුම් ප්‍රතික්ෂේප කරමින් දී ඇති නියෝගද ඉතාමත්ම නිරවද්‍ය හා නීත්‍යනුකූල ඒවා බව ගරු විනිසුරුතුමන්ලාගේ අවධානයට මා යොමු කරනවා.

මෙම සිද්ධියට අදාළ මහ බැංකු බැඳුම්කර රාජ්‍ය දේපොළ නොවන බවටද තර්කයක් පෙත්සම් පාර්ශ්වය ඉදිරිපත්කොට තිබෙනවා. ඒ ගැනත් මා යමක් පැවසිය යුතු වෙනවා. එබැවින් ඒ සඳහා තවත් සුළු කාලයක් ගරු විනිශ්චය මණ්ඩලයෙන් මා ඉල්ලා සිටිනවා.
'මහ බැංකු බැඳුම්කර' යනු මොනවාද යන්න මතයි එය නිගමනය කළ හැක්කේ. මහ බැංකු බැඳුම්කරයක් යනු රාජ්‍ය මුදල් අවශ්‍යතාව හා බැඳුණු ගිවිසුමක්.

රජය රැස්කරනු ලබන හා රජය යොදවනු ලබන මුදල්ද රාජ්‍ය භාණ්ඩාගාරයේ තැන්පත් කරනු ලබන හෝ තැන්පත්ව ඇති මුදල්ද රජයට හිමිකාරීත්වයක් ඇති රජයේ චංචල හෝ නිශ්චල දේපළද රාජ්‍ය ආදායමද යන සියල්ල 'රාජ්‍ය මුදල් හා දේපොළ' වශයෙන් සැලකෙනවා.

රාජ්‍ය භාණ්ඩාගාරය විසින් රටේ මුදල් අවශ්‍යතාව හා මූල්‍ය කළමනාකරණය පිළිබඳව සියලු කටයුතු භාරව ක්‍රියාකරන අතරම ඒ ඒ මාසය සඳහා රජයට අවශ්‍ය වන්නාවූ මුදල් ප්‍රමාණය පිළිබඳව රජය විසින් එය භාණ්ඩාගාරය වෙත දැනුම් දෙනවා. ඊළඟ මාසයේ මුදල් අවශ්‍යතාව කොපමණද යන්න රජය විසින් මහා භාණ්ඩගාරයට මුදල් අමාත්‍යාංශය හරහා දැනුම් දෙනවා.

ඒ අනුව එකී අවශ්‍යතාව සපුරාලීම මහා භාණ්ඩගාරයේ පරම වගකීම හා පරම රාජකාරියද වෙනවා. භාණ්ඩාගාරය තුළ එකී අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් මුදල් ප්‍රමාණය නොමැතිනම් එම අඩුව ඇති හෝ හිඟව ඇති ප්‍රමාණය සපයා දෙන ලෙස දක්වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයටයි (ර්ධදඪබධපර ඕධචපඤ).

මුදල් මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ එම අවස්ථාවේ සිටින (ධ්දජභථඡඥදබ ට්ධමඥපදඥප) අධිපතිවරයායි. මුදල් මණ්ඩලය ඒ පිළිබඳව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට (ර්ථීච්ච්) (ර්ථීභඡතඪජ ච්ඥඡබ ච්ඥනචපබථඥදබ) දැනුම් දෙනවා. ඒ සඳහා ඉතා විනිවිද දක්නා යාන්ත්‍රණයක් මහ බැංකුව තුළ ස්ථාපිතව තිබෙනවා.

එම කටයුතු ඉතාමත්ම රහස්‍යව සිදුකෙරෙනවා. ඊට හේතුව තමයි රජයේ මුදල් අවශ්‍යතාවයේ ප්‍රමාණය පිළිබඳ පෞද්ගලික මුදල් සැපයුම්කරුවන්ට (ර්ථීපඪථචපර ඤඥචතඥපඵ) අනාවරණය වුවහොත් ඔවුන් තම මිල ගණන් ඉදිරිපත් කිරීමේදී ඊට සරිලන පරිදි තම වාසිය සැලසෙන පරිදි සැකසූ මිලගණන් ඉදිරිපත් කරමින් වැඩි ලාභයක් උපයාගන්නවා.
එබැවින් එම තොරතුරු 'අති සංවේදී රහස්‍ය තොරතුරු' (ඩ්ඪඨඩ ඉඥදඵඪබඪමඥ) ලෙස තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

අන්න එවැනි 'අති සංවේදී රහස්‍ය තොරතුරු' අර්ජුන මහේන්ද්‍රන් විසින් තම බෑනා වන අර්ජුන් ඇලෝසියස්ට ලබාදීම නිසා 2015 පෙබරවාරි 27 වැනි දින පැවැත්වූ ඔහුගේ අධිපතිත්වය යටතේ පැවැති ප්‍රථම බැඳුම්කර වෙන්දේසියේදීම රජයට බරපතළ අලාභයක් සිදුකරමින් එම සමාගමට අදහාගත නොහැකි රුපියල් මිලියන 688ක ලාභයක් ලැබීමට සලස්වන ලද බව කොමිසම වෝහාරික පරීක්ෂණ (ජ්ධපඥදඵඪජ ධ්දඳභඪපඪඥඵ) හරහා තහවුරු කරගත්තා. ඒ කරුණු රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ (ර්ථීභඡතඪජ ච්ඥඡබ ච්ඥනචපබථඥදබ) අධිකාරිවරයා කොමිසම හමුවේ දිවුරුම් පිට දෙන ලද ප්‍රකාශයකින් හා දිවුරුම් පෙත්සමක් මඟින්ද තහවුරු කොට තිබෙනවා.

ස්වාමිනී, ඒ ප්‍රථම මගඩිය පමණයි. අනෙක් ඒවා ගැනත් සියලු තොරතුරු කොමිසමට ඉතා පැහැදිලිවම අනාවරණය කරගැනීමට හැකි වුණා.

එපමණක් නොවෙයි ස්වාමිනී, මෙම පළමුවැනි විත්තිකරු අර්ජුන මහේන්ද්‍රන්ගේ කේ‍රඩිට් කාඩ් බිලට රුපියල් මිලියන 33ක් ගෙවීමටද ඔහුගේ උදවු උපකාර නිසා කෝටි ගණන් රාජ්‍ය මුදල් ගසාකන ලද බෑනාගේ පර්පචුවල් සමාගම් මඟින් ක්‍රියාකොට තිබෙන බවද කොමිසම තහවුරු කරගත්තා. අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් වෝහාරික පරීක්ෂණ (ජ්ධපඥදඵඪජ ධ්දමඥඵබඪඨචබඪධදඵ) හරහා ඒ සියල්ල අනාවරණය කරගෙන තිබෙනවා.
අවශ්‍ය නම් ස්වාමිනී තව බොහෝ තොරතුරු තිබෙනවා අනාවරණය කිරීමට. එබැවින් ඒ සඳහා තවදුරටත් කාලය ලබාදෙන ලෙස මා අයැද සිටිනවා.

මේ අවස්ථාවේදී පෙත්සම් පාර්ශ්වයේ නීතිඥවරුන් යෝජනා කර සිටියේ එම ඉතිරි තොරතුරු ලිඛිත දේශන (එපඪබබඥද ඉභඡථඪඵඪධදඵ) ලෙස ඉදිරිපත් කරන්නේ නම් කාලය රැකගත හැකි බවයි.

එයට ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් කෝදාගොඩ මහතා කිසිදු විරෝධයක් නොදැක්වූ අතර ඒ අතරවාරයේදී පෙත්සම් පාර්ශ්වයේ නීතිඥවරයාගේ මුවින් නික්මුණු වදනකින් කෝදාගොඩ මහතාගේ ස්ථාවරය වෙනස් විය.

එනම් එම නීතිඥවරයාගේ මුවින් නික්මුණේ "මාධ්‍ය ප්‍රචාරයක් අපේක්ෂා නොකරනවා නම්" යන වාක්‍ය ඛණ්ඩයයි.

ඉන් විරසකයට පත් කෝදාගොඩ මහතා එම ප්‍රකාශයට සිය බලවත් අප්‍රසාදය හා විරෝධය පළ කරමින් කියා සිටියේ, 'නෑ නෑ කොහොමටවත්ම ලිඛිත දේශන මඟින් බැහැ. විවෘත අධිකරණයේ වාචික දේශන මඟින්ම ඉතිරි ටිකත් මා ප්‍රකාශ කරනවා' යනුවෙනි.

වැඩිදුරටත් විභාගය ජූලි මස 04 හා 18 යන දෙදිනට දින නියම කෙරිණි.

ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන, ජේ‍යෂ්ඨ නීතිඥ නවීන් මාරපන මහත්වරු සමඟ ජනාධිපති නීතිඥ ජී. ජී. අරුල් ප්‍රකාශම් මහතාගේ උපදෙස් පරිදි පෙත්සම් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon