පුත්තලමේ පුංචි යුද්ධයක්

  👤  3430 readers have read this article !
By mawbima 2018-06-13

පුත්තලම - ප්‍රියංකර කළුපහන

පුත්තලම පොලිස් බල ප්‍රදේශයට අයත් මනල්තිව් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඉකුත්දා (10දා) රාත්‍රියේ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් එය දෙපිරිස අතර වෙඩි හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇති අතර තත්ත්වය පාලනය කිරීමට විශේෂ කාර්ය බළකාය යෙදවීමටද සිදුව තිබේ.

එහිදී එක් පාර්ශ්වයකට අයත් නිවාස හා දේපළවලට බරපතළ ලෙස අලාභ හානි සිදුකර ඇති බවත් කඩු සහ තියුණු ආයුධ රැගෙනවිත් පහරදීම් කර බරපතළ තුවාල සිදුකර ඇති බවත් ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පුත්තලම පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

ගැටුම හේතුවෙන් තුවාල ලැබූ දෙපාර්ශ්වයේ පිරිස් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ගැටුම සඳහා රැගෙන විත් තිබූ ගිනි අවියක් පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පුත්තලම පොලිසිය සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon