ඇමැති උපදෙස් මත ළමා ශ්‍රමිකයන් සොයා වැටලීම්

  👤  3437 readers have read this article !
By mawbima 2018-06-13

රෝහණ බමුණුආරච්චි

ශ්‍රී ලංකාව පුරා ළමා ශ්‍රමිකයන් සිටිය හැකි යැයි තොරතුරු ලැබී ඇති සියලු ස්ථාන වැටලීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනය නිමිත්තක් කරගනිමින් ඊයේ (ජුනි 12) එම වැටලීම් ආරම්භ කළ අතර එය ජුනි 14දාද සිදුකිරීමට කටයුතු යොදා ඇත.

ඒ සඳහා ලංකාව පුරා ඇති සියලු කලාප කාර්යාල දිස්ත්‍රික් කාර්යාල සහ උපකාර්යාල මඟින් වැටලීම් සිදුකිරීමට නියමිත අතර කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය රවින්ද්‍ර සමරවීරගේ උපදෙස් මත කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශය එය මෙහෙයවයි.

මේ යටතේ කලාප කම්කරු කාර්යාල මඟින් වැඩසටහන් එකොළහක්, දිස්ත්‍රික් කම්කරු කාර්යාල මඟින් වැඩසටහන් හැත්තෑ දෙකක්, උප කම්කරු කාර්යාල මඟින් වැඩසටහන් දහහතක් සහ කාන්තා හා ළමා කටයුතු අංශය මඟින් එක් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon