කිලිනොච්චියේ තරුණයාගේ මළ සිරුර ගෙන ඒමට තිස්දාහක් අරන්

  👤  3379 readers have read this article !
By mawbima 2018-06-13

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

කොළඹ නෙලුම්පොකුණ කුලුනෙන් ඇද වැටී මරණයට පත් වූ කිලිනොච්චියේ තරුණයාගේ මළ සිරුර නිවෙසට රැගෙන ඒමේ ගාස්තුව වශයෙන් නිවැසියන්ගෙන් රුපියල් 30,000ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් නිවෙසේ උදවියගේ හා ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය මතු වී තිබේ.

මෙම තරුණයාගේ මළ සිරුර නිවෙසට ගෙන ඒමට මැදිහත් වී ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශීය සභාවේ සාමාජිකයෙක් වන අතර ඔහු අදාළ මියගිය තරුණයාගේ නිවැසියන්ට පවසා ඇත්තේ ඉන්ධන සඳහා පමණක් යම් මුදලක් ලබාදීමට සිදුවන බවයි. එහෙත් මළ සිරුර අදාළ ස්වේච්ඡා සංවිධානයට අයත් ගිලන් රථයෙන් නිවෙසට රැගෙන අපසු ඔවුන් පවසා ඇත්තේ මළ සිරුර භාරදීම සඳහා අදාළ රුපියල් 30,000ක මුදල ලබාදෙන ලෙසයි.
පවුලේ ඥාතීන් ප්‍රකාශ කරන්නේ මෙලෙස මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බවයි.

කෝනේශ්වරන් නිදර්ශන් නමැති මෙම සිසුවා කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණ විෂය ධාරාව යටතේ මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිට තිබේ.

මෙම මියගිය තරුණයාගේ පියා කුලී රැකියාවක නිරත වන අතර මවට මෑතකදී ගුරු පත්වීමක් ලැබී තිබේ. මෙම තරුණයාට හා පවුලේ උදවියට තිබූ ආර්ථික අපහසුතා නිසා කොළඹ ප්‍රදේශයේ රැකියාවකට පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණදී මියගොස් තිබේ.

මියගිය තරුණයාගේ දේහය තබා ගැනීමට තරම් සුදුසු තත්ත්වයක් ඔහු පදිංචිව සිටි නිවෙසේ නොමැත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon