පිරිමි යුගල ශූරතාව ශ්‍රී ලංකාවට

  👤  3407 readers have read this article !
By mawbima 2018-06-13

චීන තායිපේ හීදි පැවැති ජාත්‍යන්තර විවෘත රෝද පුටු ටෙනිස් තරගාවලියේ පිරිමි යුගල ශූරතාව හිමිකරගන්නට ඩී.එස්.ආර්. ධර්මසේන හා ආර්.ඒ.එල්.එස්. රණවීර යන ශ්‍රී ලංකා ක්‍රීඩක යුගලය සමත් විය. ලෝක ශේ්‍රණිගත කිරීම්වල 65 වැනි ස්ථානයේ පසුවෙන ජපාන ක්‍රීඩක යුගලය වන දයිසුකේ අරයි හා යොෂිනොබු ෆුජිමොටෝ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක යුගලය හමුවේ තරග වට 7-5ක් හා 6-3ක් ලෙස පරාජය වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශේ්‍රණිගත කිරීම්වල 116 වැනි ස්ථානයේ පසුවෙයි.

කෙසේ වෙතත් පිරිමි කේවළ අවසන් මහා තරගයේදී තායිලන්ත ක්‍රීඩක සුති ක්ලොන්ගෘවා හමුවේ ඩී.එස්.ආර්. ධර්මසේන තරග වට 6-2ක් හා 7-5ක් ලෙස පරාජය වූ අතර පිරිමි කේවළ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී සුති ක්ලොන්ගෘවා හමුවේ ආර්.ඒ.එල්.එස්. රණවීර තරග වට 6-3ක් හා 6-3ක් ලෙස පරාජය වී තිබිණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon