දස හැවිරිදි පුතු සමඟ අබලන් ගෙයක ජීවත් වන සමුද්‍රා උදවු පතයි

  👤  3619 readers have read this article !
By mawbima 2018-06-13

මනම්පිටිය - නිමල් ජයරත්න

මීට වසර පහකට පෙර වකුගඩු රෝගයෙන් තම සැමියා මිය යෑමෙන් පසු ආර්ථික ගැටලු මැද දරුවාද පාසල් යැවීමට නොහැකිව කුඩා ටකරං හා මැටි, ඉටිකොළවලින් වටවූ නිවෙසක අසරණව දිවිගෙවන දරු පවුලක් දිඹුලාගල ගල්තලාව ගම්මානයෙන් අපට හමුවිය.

47 වියැති තිදරු මවක් වන කේ.කේ. රේඛා සමුද්‍රා නම් ඇය දස හැවිරිදි පුතුද පාසල් යැවීමට නොහැකිව දුකසේ දැඩි අසීරුතා මැද ඩී - 03 ඇළ පාර ගල්තලාව ලිපිනයේ දිවි ගෙවන්නීය.

පසුගිය වර්ෂා දිනවල කුඩා නිවෙසේ බිත්තිද කඩා වැටී ඇති මෙම ගරා වැටුණු නිවෙසේ ජීවත් වන ඇයට 2016 රුපියල් ලක්ෂයක නිවාස ආධාරයක් හිමිවුවද ඇයට ලැබී ඇත්තේ රුපියල් 30,000ක් පමණි.

"අනේ මහත්තයෝ මේ දරුවන්ගේ තාත්තා 2013/11/28 වැනිදා වකුගඩු රෝගයෙන් මියගියා. මටයි පොඩි පුතාටයි ඇදුම රෝගය. පුතාට දැන් අවුරුදු 10ක් වෙනවා.

එයා පාසල් යවන්න සල්ලි නැති නිසා මම අරලගංවිල විදුමිණ පිරිවෙනට ඇතුළත් කළා. ඒත් සපත්තු පොත්පත්, යන්න, එන්න වියදම් නැතිව එයාගේ පාසල් ගමන දැන් මාස හයක ඉඳලා නතර වෙලා. මේ පැල්පත වැසි දිනවල තෙමිලා මඩ වගුරක් වෙනවා.

මට 2016දී දිඹුලාගල ඒ.ජී. ඔෆිස් එකෙන් රුපියල් ලක්ෂයක නිවාස ආධාරයක්් පාස් වුණා කියලා ග්‍රාමසේවක මහත්තයා 30,000ක් ලංකා බැංකුවට දාලා දුන්නා.
ඉතිං ඒකෙන් අත්තිවාරම දාගත්තා. ඉතිරි 70,000 මුදල මට ලැබුණේ නැහැ.

ඒවට මොනවා වුණාද දන්නේ නැහැ. අනේ මහත්තයෝ මටයි - පුතාටයි ජීවත් වෙන්න ගෙයක් හදලා දෙන්න ලොකු පිනක්.

ඒ වගේම මේ දරුවා පිරිවෙනට යවා ගන්න ඕනේ වියදම් කවුරු හරි කරනවා නම් ලොකු උපකාරයක්.

එයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්.

ඉතිං මට පුළුවන් හැටියට උදවු කරන්න. රේඛා සමුද්‍රා මාතාව හැඬ­ කඳුළින් එලෙස පැවැසුවාය.

ඔවුන්ගේ ගිණුම් අංකය - 78921305
ලංකා බැංකුව - අරලගංවිල
දුරකතන අංකය - 078-2922149

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon