රටේ ප්‍රශ්න වෙනුවට තමන්ගේ ප්‍රශ්න විසඳගන්නවා

  👤  3497 readers have read this article !
By mawbima 2018-06-13

අනුරාධා හේරත්

රනිල් - මෛත්‍රි රණ්ඩුව එළිපිට මතු කළද සිය තනතුරු වරප්‍රසාද බෙදා ගැනීමේදී සමඟියෙන් ක්‍රියාකරනබව ඊයේ ලබාදුන් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති ධුර හරහා පෙන්නුම් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

මෙකී තනතුරු ලබාදීමෙන් රටේ ප්‍රශ්න කිසිසේත්ම විසඳිය නොහැකි වන අතර ආණ්ඩුව රටේ ප්‍රශ්න විසඳනවා වෙනුවට තම ප්‍රශ්න විසඳීමට දිනෙන් දින උත්සාහ කරමින් සිටින බව ඔහු කීය.

රටේ ආර්ථිකය විශාල අර්බුදයක පවතින බවටත් රට දැවැන්ත ණය කන්දකට යටවී ඇති බවටත් කෑ මොර දී සියලු බදු බර ජනතාව මත පටවන පාලකයන් තව තවත් ඇමැතිකම් ලබා දෙමින් ඒ බරද ජනතාව මත පටවමින් සිටින බවට ඒ මහතා චෝදනා කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon