තැපැල් වර්ජනය දිඟටම

  👤  3740 readers have read this article !
By mawbima 2018-06-13

නුවන් හෙට්ටිආරච්චි,
කොළඹ _ ජනක විජේවර්ධන

තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කළද අඛණ්ඩ වැඩ වර්ජනයට එය බාධාවක් නොවන බවත් දිවයින පුරා ඉතා සාර්ථකව තැපැල් සේවකයන් වැඩ වර්ජනයේ යෙදී සිටින බවත්, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු ඒ.ආර්. වර්ණකුලසූරිය මහතා පවසයි.

ස්ථිර විසඳුමක් ලබා දීමට පියවර ගැනීමෙන් පසුව මිස කිසිදු සාකච්ඡාවකට තැපැල් සේවක සංගම් එකඟ නොවන බවත් මෙතෙක් සිදු කළ සියලු සාකච්ඡා සාර්ථක නොවූ බවත් සඳහන් කරන වර්ණකුලසූරිය මහතා මෙහිදී පෙන්වා දෙන්නේ පසුගිය ලෝක තැපැල් දිනයේ ජනාධිපතිවරයා තැපැල් සේවකයන්ට ඇති ගැටලුවලට ස්ථිර විසඳුම් ලබා දීමට පොරොන්දු වූ බවයි.

එහෙත් අවුරුද්දකට ආසන්න කාලයක් ඉක්ම ගියද කිසිදු විසඳුමක් ලබා නොදුන් රජය අද සිදුකෙරෙන වෘත්තීය ක්‍රියාමාර්ගයටද විවිධ බලපෑම් එල්ල කරමින් සිදු කරන්නේ තැපැල් සේවකයන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් නොදී සිටීම බවත්, එම පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙයි.

එසේම බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුවටම අනන්‍ය වූ චක්‍රලේඛයක් ඉදිරි දින කීපය තුළ අනුමත නොකරන්නේ නම් ඉදිරි සතිය තුළ තැපැල් සේවකයන් විසින් දැවැන්ත අරගලයක් ආරම්භ කිරීමට සූදානම් වන බවද වර්ණකුලසූරිය මහතා පවසයි.

මෙතෙක් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණෙන් ඉවත්ව කටයුතු කළ තැපැල් හා විදුලි සන්දේශ නිලධාරීන්ගේ සංගමයද අද (12දා) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයට එක් වූ බව තැපැල් හා විදුලි සන්දේශ නිලධාරීන්ගේ සංගමය 'මව්බිම'ට පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon