විශේෂඥ වෛද්‍යවරු දැඩි තීන්දුවක

  👤  3520 readers have read this article !
By mawbima 2018-06-13

සේවයට පැනවූ බද්ද අඩු නොකළොත් ගන්නා ඉදිරි පියවර ගැන තීන්දුව අද
නව දේශීය ආදායම් පනත මඟින් තමන් වෙත පනවා ඇති බද්ද අඩු කිරීම සඳහා රජය එකඟ නොවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර කුමක්ද යන්න පිළිබඳව අද (13දා) තීරණයකට එළැඹෙන්නේ යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සුනිල් විජේසිංහ මහතා 'මව්බිම'ට පැවැසීය.

මෙම නව බදු පනතට අනුව වෛද්‍යවරුන්ගෙන් අයකරන 24%ක බද්ද 12% දක්වා අඩු කරගැනීමේ අරමුණින් පෙරේදා (11දා) එම සංගමය මුදල් ඇමැති මංගල සමරවීර මහතා සමඟ සාකච්ඡා කළද එය විසඳුම් රහිතව නිමාවිය.

මේ සඳහා රජයෙන් විසඳුමක් නොලැබෙන්නේ නම් දෙසතියක කාලයක් පෞද්ගලික චැනලින් සේවාවන්ගෙන් තමන් ඉවත් වන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon