සමෘද්ධිය ලබන පවුල් ලක්ෂ 14ට තවත් ලක්ෂ 11/2ක් එක්වෙයි

  👤  3475 readers have read this article !
By mawbima 2018-06-13

දෙනගම ධම්මික රණවීර

දැනට සමෘද්ධි සහනාධාර ලබන අයට අමතරව තවත් පවුල් එක් ලක්ෂ පනස් දහසකට සමෘද්ධි සහනාධාර ලබා දීමට ඊයේ (12දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කොට තිබේ.

මේ වන විට සමෘද්ධි සහනාධාර ලබන පවුල් ලක්ෂ 14ට අමතරව සමෘද්ධිය ලැබිය යුතු තවත් අය සිටින බව සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් සලකා බැලූ කැබිනට් මණ්ඩලය එම තීරණය ගෙන තිබේ. එමෙන්ම නුසුදුසු පුද්ගලයන් සමෘද්ධි සහනාධාර ලබන්නේද යන්න පිළිබඳව කඩිනමින් විමර්ශනය කිරීමේ අවශ්‍යතාවද කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon