ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් වෙනුවට යුරෝ-4

  👤  3343 readers have read this article !
By mawbima 2018-06-13

චාමර අමරසූරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැනට අලෙවි කරන ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් වෙනුවට යුරෝ 04 ප්‍රමිතියේ ඉන්ධන ලබන ජූලි මස සිට මෙරටට ආනයනය කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා 'මව්බිම'ට පැවසීය.

යුරෝ 04 ප්‍රමිතියේ ඉන්ධන පරිසරයට වඩා හිතකාමී බවත් එම නිසා ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් එම ප්‍රමිතියෙන් යුක්තව මෙරටට ආනයනය කිරීමට කටයුතු කළ බවද හෙතෙම සඳහන් කළේය.

දැනට තෙල් සංස්ථාව සතුව ඇත්තේ යුරෝ 03 ප්‍රමිතියේ ඉන්ධන බවද ලේකම්වරයා කියා සිටියේය.

යුරෝ 04 ප්‍රමිතියේ ඉන්ධන යුරෝ 03 ප්‍රමිතියේ ඉන්ධනයන්ට වඩා මිල අධික වුවත් තෙල් සංස්ථාව එම පාඩුව විඳගනිමින් දැනට පවතින මිලටම අලුතෙන් ආනයනය කිරීමට නියමිත ඉන්ධන අලෙවි කිරීමට කටයුතු කරන බවද උපාලි මාරසිංහ මහතා පැවසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon