ජනපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වුණු රැයත් මට සාමාන්‍ය රාත්‍රියක්ම වුණා

  👤  827 readers have read this article !
By mawbima 2018-06-13

පහන් විජේසේකර

"මං හය සැරයක් පාර්ලිමේන්තු ඡන්ද ඉල්ලුවා. හත්වැනි සැරයට ජනාධිපති ධුරයට ඉල්ලුවේ. ඡන්දය දාලා හැමදාම දවල්ට එහෙ මෙහෙ ගිහින් එනවා. කවදාවත් මං ඡන්දය ගණින තැනට ගිහින් නෑ," මගේ ඡන්ද කොහොමද බලන්න. ඔය ඡන්ද හතේදීම මං කළේ වෙනදා වගේම රෑ දහය, දහය හමාර වෙද්දී නිදාගන්න එකයි. මං ජනාධිපති අපේක්‍ෂකයා වෙලා ජනවාරි 08 රාත්‍රියේ කුරුණෑගල පැත්තේ ගෙදරක හිටියේ. වෙනදා වගේම 10 වෙනකොට මං නිදා ගත්තා.

මං හොඳට නිදාගෙන ඉන්න වෙලාවේ මගේ නෝනා ඇඟට අත තියලා කිව්වා නැඟිටින්න රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් කෝල් එකක් කියලා. මං ඇඳේ ඉඳන්ම කතා කළා.
"දිනුම් නේද" ඇහුවා මං කිව්වා දිනුම්..? ආහ් දිනුම්ද?

ඔව් දිනුම් කොහෙද ඉන්නේ?

මං කිව්වා කුරුණෑගල ඉන්නේ. මං උදේ එන්නම් කියලා. ආයෙත් නිදා ගත්තා හොඳට. උදේවෙලා තමයි මං කොළඹ ආවේ."

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ සඳහන කළේ මෙරට ප්‍රකට ගත්කතුවරයකු වන ආචාර්ය ඩබ්.ඒ. අබේසිංහ සූරීන්ගේ ලේඛන දිවියට පනස් වසරක් පිරීම නිමිත්තෙන් ඒ මහතාගේ සාහිත්‍ය මෙහෙවර අගය කිරීම පිණිස කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (12දා) පැවැති උත්සව අවස්ථාවේදීය.

ආචාර්ය ඩබ්.ඒ. අබේසිංහයන්ගේ සාහිත්‍ය මෙහෙවර ඇගයීම සඳහා සංස්කරණය කරන ලද 'අබය මුද්‍රාව', 'ආනන්දයෙන් ප්‍රඥාවට' යන කෘති අතරින් පැදි පෙළක් උපුටා ගනිමින් ජනාධිපතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.

'රැකලා දුන්නේ ණය ගත් ධනපති රොත්ත
කපලා දමනු බැරි ඇයි ගොවි ණය ගත්ත
බැඳිලා සමඟියෙන් ඔසවා දෑකැත්ත
එළවා දමනු දැන් රට කන මේ හැත්ත"

"මේක මේ අද ඊයේ කියපු එකක් නෙමෙයි. හුඟක් කල් එකක්" යැයි ජනපතිවරයා සිනහමුසු මුහුණින් පවසා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon