උල් ආයුධයකින් ඇන තුවාල කළ රූපවාහිනි නිවේදකයා රිමාන්ඩ්

  👤  795 readers have read this article !
By mawbima 2018-06-13

චාමර අමරසූරිය

වත්තල, එ‍ෙ¾ඩ්රමුල්ල ප්‍රදේශයේදී කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවකුට උල් ආයුධයකින් ඇන බරපතළ තුවාල කිරීමේ සිද්ධියට අදාළව කඩවත පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රූපවාහිනි නිවේදකයකු වන මහේෂ් නිශ්ශංක (52) මහතා ඊයේ (12දා) මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (13දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළව කඩවත පොලිසිය කළ දැනුම් දීමකට අනුව මහේෂ් නිශ්ශංක මහතා ඊයේ (12දා) පෙරවරුවේ කඩවත පොලිස් ස්ථානය වෙත භාර වී ඇත.

පුද්ගලයකුට උල් ආයුධයකින් ඇන බරපතළ තුවාල කිරීමේ චෝදනා මත කඩවත පොලිසියේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

පෞද්ගලික ආරවුලක් මත වත්තල, එ‍ෙ¾ඩ්රමුල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි
වෙළෙඳසලක් ඉදිරිපිට ඉකුත් 09 වැනිදා රාත්‍රියේ මෙම පහරදීම සිදුව ඇති බවද පොලිසිය පවසයි.

මින් තුවාල ලැබූ එ‍ෙ¾ඩ්රමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වසන්ත කුමාර නමැත්තා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

කඩවත පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon