දකුණ බිලිගත් ඉන්ෆ්ලුවන්සා වයිරසය ගම්පහටත් ඇතුළු වෙයි

  👤  946 readers have read this article !
By mawbima 2018-06-13

කඩවත - උදාර මධුසංඛ

මේ වන විට දකුණු පළාතේ වසංගත තත්ත්වයට පත්ව ඇති මාරාන්තික ඉන්ෆ්ලුවන්සා රෝගීන් ගණනාවක් මේ වන විට ගම්පහ ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිලංගි සුබසේකර මහත්මිය පැවසුවාය.

හඳුනාගත් රෝගීන් අතර පාසල් දරුවන්ද සිටින බැවින් ඉදිරියේදී මෙම රෝගී තත්ත්වය දිස්ත්‍රික්කය පුරා වසංගත තත්ත්වයට පැමිණීමේ අවදානමක් පවතින බැවින් මහජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද වෛද්‍ය නිලධාරිනිය පෙන්වා දෙයි. වයස අවුරුදු 5ට අඩු දරුවන් වයස අවුරුදු 65 ඉක්මවූවන්, ගර්භණී මවුවරුන් මෙන්ම දීර්ඝ කාලීන බෝ නොවන රෝගවලින් පෙළෙන්නන්ටද මෙම රෝගය මාරාන්තික විය හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon