අන්තරේ භික්ෂු බල මණ්ඩලය විරෝධතාවක

  👤  980 readers have read this article !
By mawbima 2018-06-13

සවනි ශේශාධි
ඡායාරූප _ අකිල ජයවර්ධන

ශාස්ත්‍රිය විෂයයන් හැදෑරීම සඳහා විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ප්‍රමාණය වැඩි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය ඊයේ (12දා) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

බෞද්ධ දර්ශනය උසස් අධ්‍යාපනයෙන් පිටමං කිරීමේ කුමන්ත්‍රණය නවතන ලෙසත් වෙළෙඳපොළ වුවමනාවට සිදුකරන ශාස්ත්‍රිය
විෂය කප්පාදුව නවතන ලෙසත් බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය ටවුන්හෝල් සිට පා ගමනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැමිණෙන විටත් වෝඩ් පෙදෙසේ රථ වාහන ධාවනය තාවකාලිකව නවතා දමා තිබූ අතර අධිපීඩක ජල ප්‍රහාරක රථ 2ක් සහ කැරලි මර්දන ඒකක සහ පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවා තිබිණි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට පැමිණි පිරිස එහි සභාපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලෙසට කළ ඉල්ලීමට බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාර නොලැබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon