නාඳුනන ලාංකික කතක් බහරේන් රෝහලක

  👤  3984 readers have read this article !
By mawbima 2017-08-11

බහරේන් රාජ්‍යයේ සල්මානියා රෝහලේ ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික කාන්තාවක් පිළිබඳ බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වා ඇත. බහරේන් රාජ්‍යයේ පොලිසිය මඟින් සල්මානියා රෝහලට ඇතුළත් කර ඇති මේ කාන්තාව සිහිමඳ තත්ත්වයේ පසුවේ. ඇය නමින් ඉනෝකා දමයන්ති බවත් පදිංචිය ශ්‍රී ලංකාවේ ගනේමුල්ල ප්‍රදේශයේ බවත් කියැවෙන මුත් ඇය සතුව ගුවන්ගමන් බලපත්‍රය හෝ අනන්‍යතාව තහවුරු කළ හැකි කිසිදු ලියවිල්ලක් නොමැත. ඇයට ලංකාවේ පදිංචිය පිළිබඳ නිවැරැදි මතකයක් නොමැති බවත් තානාපති කාර්යාල නිලධාරීහු දන්වා සිටිති.

ඇය පිළිබඳ කටයුතු සොයාබැලීමට කාර්යාංශයට අවශ්‍ය බැවින් මේ සම්බන්ධයෙන් මහජන සහාය බලාපොරොත්තු වේ. විශේෂයෙන් ඉහත සඳහන් සේවක මහත්මිය පිළිබඳව තොරතුරු දන්නා අය වෙතොත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ හෝ කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ 011 2 864 100 දුරකතන අංකයට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටී.

කුරුවිට - කේ.ඒ.එස්. පියතිලක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්