සරුංගල් නූලක පැටලුණු කපුටාට සහෝදර කපුටන් දින තුනක් පුරා කෑම කවලා

  👤  4452 readers have read this article !
By mawbima 2017-08-11

බදුල්ල කණුපැලැල්ල ප්‍රදේශයේ මාර ගසක මීට දින තුනකට පෙරදී මෙම කපුටා සරුංගලයක් යවන ලද නූලක පැටලී තිබේ. මේ පිළිබඳව ප්‍රදේශවාසියකු විසින් බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ හා දිවි ගලවා ගැනීමේ ඒකකයට දන්වා ඇත. වහා ක්‍රියාත්මක වූ එම නිලධාරීහු පැයක පමණ මෙහෙයුමකින් පසුව කපුටා බේරාගැනීමට කටයුතු කළහ.
මෙහෙයුම සඳහා අනුක බස්නායක, ප්‍රදීප් සංජීව, අසංක චන්දිමාල්, ළහිරු දිනේෂ්, නිසංක සඳුන්, සිතුම් ප්‍රසාද්, චාරික් අන්වර් යන නිලධාරීහු එක්වූහ.

මෙම කපුටා නූලේ පැටලී සිටි දින තුළදී වෙනත් කපුටන් විසින් මෙම කපුටාට ආහාර ගෙනැවිත් කැවූ බව සිද්ධිය දුටුවෙක් පැවැසීය.
මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකරන කාලයක ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් කළ මෙම සත්කාරය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් ස්තූතිය පුද කර සිටී.
දෙමෝදර - ජයලත් දිසානායක , බදුල්ල - පී.බී. ඒකනායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon