නියං ආධාර රැගත් රුසියන් ගුවන් යානයක් කටුනායකට ඇවිත්

  👤  4030 readers have read this article !
By mawbima 2017-08-11

කටුනායක _ ගයා තිරිමාදුර

ශ්‍රී ලංකාවේ මේ දිනවල පවතින අධික නියං තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙත රුසියානු රජයේ ආධාර රැගත් එරටට අයත් විශේෂ ගුවන් යානයක් ඊයේ දහවල් කටුනායක බණඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

ආධාර ද්‍රව්‍ය තොගය ඊයේ දහවල් 1.00ට පමණ එස්.යූ.එම්. 9127 දරන ථජඩඵ අධඵඵඪත රුසියානු ගුවන් සේවයට අයත් ඉලුෂියන් අයි.එල් _ 76 ටී.ඩී. වර්ගයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබිණි.

විදුලි ජනක යන්ත්‍ර, කූඩාරම් සහ මුළුතැන්ගෙයි උපකරණ මේ ගුවන් යානයෙන් ගෙනැවිත් තිබිණි.
ආධාර තොගය භාර ගැනීමට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්