හය වසරේ සිසුවියන් තිදෙනකු අපයෝජනය කළ ඇඹිලිපිටිය විදුහලක ගුරුවරයාගේ වැඩ තහනම්

  👤  4129 readers have read this article !
By mawbima 2017-08-11

කුරුවිට - කේ.ඒ. එස්. පියතිලක

ඇඹිලිපිටිය උඩුගම මහ විදුහලේ හය වසරේ සිසුවියන් තිදෙනකු අපයෝජනය කළ එම පාසලේ ගුරුවරයකු ඇඹිලිපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින හතරක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිට ඇප සිට මුදාහැර ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණයක් ඇඹිලිපිටිය පොලිස් ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත සෙනරත් මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ හා අපරාධ විමර්ශන අංශයේ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදුකරයි.

මෙයට අමතරව සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ නියෝගය පරිදි පසුගිය සිකුරාදා සිට එම සැකකාර ගුරුවරයාගේ වැඩ තහනම් කර ඇති අතර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින්ද මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්