මධ්‍යම-නැඟෙනහිර විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන් ස්ථාන මාරුවීම් පිළිබඳ ගැටලුවක්

  👤  3963 readers have read this article !
By mawbima 2017-08-11

නුවන් හෙට්ටිආරච්චි

මධ්‍යම හා නැඟෙනහිර පළාතේ විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන්ට ලැබුණු ස්ථාන මාරුවීම් නියෝග එම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් තවදුරටත් ඉටු නොකර සිටින්නේ නම් ඉදිරි සති දෙක තුන තුළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
විකිරණ යන්ත්‍ර මිලදී ගැනීමේදී තාක්ෂණික ඇගයීම් කමිටුවට එම සංගමයේ කිසිදු නිලධාරියකු සම්බන්ධ කර නොගැනීමෙන් රජයට සිදු වූ පාඩුව අති විශාල බවත් එය සොයා බැලීමට අදාළ අමාත්‍යාංශවලින් ඉල්ලා සිටි බවත් එම සංගමයේ උප සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවැසීය.

ලංකාවේ මිනිස්සු විකිරණ සම්බන්ධව දැනුවත් නැහැ. ලංකාවේ කාර්මික විකිරණයට වඩා සෞඛ්‍ය අංශයෙන් ලැබෙන විකිරණයෙන් තමයි රටේ ජනතා අවධානය යොමු විය යුත්තේ. විකිරණ සම්බන්ධව නිසි පුහුණුවක් ලද වගකිව යුතු නිලධාරීන් ඉන්නේ සුළු පිරිසක්.

එහෙම තත්ත්වයක් තිබියදී තමයි මෙම පළාත් දෙකේ මාරුවීම් නියෝග ලැබුණු නිලධාරීන් එම ස්ථානවලින් නිදහස් නොකර සිටින්නේ යැයි ධර්මවික්‍රම මහතා කීවේය.
මේ හේතු නිසා පේරාදෙණිය, මහනුවර හා කළුතර විකිරණ අංශ අක්‍රිය වෙලා තියෙනවා. පිළිකා අංශවල පවා මෙම හේතු නිසා විවිධ ගැටලු පැනනැඟිලා තියෙනවා. අනෙක් කාරණය තමයි පෞද්ගලික අංශයේ සුදුසුකම් නොමැති පුද්ගලයෝ විකිරණ යන්ත්‍ර හැසිරවීම නිසා රෝගීන්ව විකිරණයට ලක් කරනවා. එය ඉතා බරපතළයි.
ඒ සම්බන්ධව අපි පරමාණු බලශක්ති අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යාංශ දැනුවත් කළා. නමුත් අද වන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැතැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon