බැඳුම්කර හොරුන්ට එරෙහිව ඒකාබද්ධය උසාවි යන්න යයි

  👤  3481 readers have read this article !
By mawbima 2017-08-13

ලක්ෂ්මී ජයකොඩි

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව මඟින් රටට අහිමි වූ පාඩුවට වගකිවයුත්තන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වේ.
ඒ සඳහා මේ වන විට නීතිමය උපදෙස් ලබා ගනිමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පත්කොට ඇති ජනාධිපති කොමිසමේදී හිටපු මුදල් හා විදේශ ඇමැති රවි කරුණානායක මහතාට එරෙහිව එල්ල වූ චෝදනා හේතුවෙන් ඔහු ඇමැති ධුරයෙන් ඉල්ලා අස් වුවත් එමඟින් රටට සිදුවූ පාඩුව පියවීමක් හෝ සාධාරණයක් ඉටු නොවන බව ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon