ආගම් ඉස්සරහට දාලා රවි තක්කඩිකම් වහගන්න හදනවා

  👤  3792 readers have read this article !
By mawbima 2017-08-13

අනුරාධා
හේරත්

හිටපු ඇමැති රවි කරුණානායක සිය වංචනිකත්වය වසා ගැනීමට සියලු ආගම් පසුබිම් කරගත්තා සේ තවදුරටත් වංචනිකයන්ට එවැනි පසුබිමක් නිර්මාණය කරගැනීමට ඉඩ නොදෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක සියලු ආගමික නායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
හිටපු අමාත්‍යවරයා බුදු දහමත්, කිතුනු හා ඉස්ලාම් දහමත් ශුද්ධ වූ කුරානයත් පාදක කරගනිමින් ඔහුගේ තක්කඩිකම් වසා ගැනීමට දැරූ උත්සාහය මෙරට සියලු ජනතාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බවද මන්ත්‍රිවරයා අවධාරණය කරයි.

දිසානායක මහතා පවසන්නේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ වූ රවි කරුණානායක හිටපු ඇමැතිවරයා යනු රටේ ප්‍රබල වංචා හා හොරකම්වලට හවුල් වූ පුද්ගලයකු මිස සිය ඇමැති ධුරය පරිත්‍යාග කළ දේශපාලන වීරයකු නොවන බවය.

පසුගිය රාජපක්ෂ පාලනයේ සොර මුළට හවුල් බොහෝ පිරිසක් සේම රවි කරුණානායක මහතාද බැඳුම්කර ජනපති කොමිසමේදී විසුළුසහගත ප්‍රකාශ කිරීමත්, තම මව, බිරිය, දරුවන් ඉදිරියට දමා ජනතාවට සංවේදී බවක් ඇති කිරීමටද උත්සාහ දැරූ බවට ඒ මහතා චෝදනා කරයි.
ඔහුගේ මෙවැනි හැසිරීමකින් රටේ දරුවන් හොරකම් කිරීම වීරකමක් හෝ ප්‍රසිද්ධ වීමකට නිවැරැදිම මාර්ගය ලෙස වැරැදි පූර්වාදර්ශයකට යොමුවීම වැළැක්විය නොහැකි බව ඔහු කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්