බන්ධනාගාරයේ ඉන්න ‘ආවා’ දෙන්නෙක් උසස් පෙළ ලියති

  👤  3392 readers have read this article !
By mawbima 2017-08-13

චාමර අමරසූරිය

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ආවා කල්ලි සාමාජිකයන් දෙදෙනකු යාපනය බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ යාපනය මහා විද්‍යාලයේදී ඉකුත් 11 වැනි දින උසස් පෙළ විභාගයට පෙනී සිට තිබේ.
යාපනය, කෝපායිහිදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට කඩු කිණිසිවලින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 9 වැනි දින මේ සැකකරුවන් දෙදෙනා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සහ 20 හැවිරිදි යන වයස් සීමාවන්වල පසුවන මේ සැකකරුවන් දෙදෙනා වාණිජ විෂය ධාරාවෙන් මෙවර උසස් පෙළ විභාගට පෙනී සිටින බවට ඔවුන් පොලිසිය දැනුවත් කර තිබේ.

උතුරු පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත මෙම සැකකකරුවන් දෙදෙනාට උසස් පෙළ විභාගය ලිවීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට පොලිස් නිලධාරීන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් ඉකුත් 10 වැනි දින මෙම නියෝගය ලබා දී ඇත.
ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති මේ සැකකරුවන් දෙදෙනා යාපනය බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඉකුත් 11 වැනි දින ව්‍යාපාර අධ්‍යයනය විෂයෙහි පළමු ප්‍රශ්න පත්‍රයට මෙලෙස මුහුණ දී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon