හන්තාන කන්ද මැද්දෙන් නුවර තදබදයට පිළියම් දෙන උමං මඟේ වගතුග

  👤  3349 readers have read this article !
By mawbima 2017-08-13

මහනුවර නගරයේ අධික වාහන තදබදය අඩු කිරීමට උමං මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. සිංහලයේ අවසන් රාජධානිය වන සෙංකඩගල පුරවරය ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනාමානයට පාත්‍රවන ශ්‍රී දන්ත ධාතුන්වහන්සේ වැඩසිටීමත්, අවසන් රජමාලිගාව, විෂ්ණු, කතරගම, පත්තිනි, නාථ, දේවාලයන් ද අස්ගිරි- මල්වතු පාර්ශ්වයේ මහා විහාරයන් ඇතුළු පූජනීය ස්ථාන හා නුවර වැව සහ යටත් විජිත යුගයේ ඉදිවුණු ඉපැරැණි ගොඩනැඟිලි ආදී පුරාවිද්‍යා වටිනාකමින් යුත් පෞරාණික නගරයක් නිසා මහනුවර යුනෙස්කෝව මඟින් නම් කළ ලෝක උරුම නගරයකි.

මහනුවර නගර සභාවේ දත්තයන්ට අනුව වසම් 46කින් සැදි නගර සීමා බල ප්‍රදේශය තුළ ලක්ෂ 10කට අධික ජනතාවක් වාසය කරති. දෛනිකව ලක්ෂ 4ක් පමණ ජනතාවක් පාසල්, රැකීරක්ෂා, රෝහල්, වාණිජ කටයුතුවලට හා දෙස්-විදෙස් සංචාරකයන් ලෙස නගරයට ළඟා වෙති. දෛනිකව නගරයට අතුළුවන වාහන ගණන 85,000ක් පමණ වේ. මෙසේ පැමිණෙන අධික රථවාහන ප්‍රමාණය නිසා පරිසරයට එකතු වන දුම නිසා නුවර මිනිසුන් පෙණහලු ආශි්‍රත රෝගීන් බවට පත් කිරීමේ වැඩි අවදානමක් ඇතිකර තිබෙන බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර තිබිණි.

මේ පිළිබඳව පර්යේෂණ කළ විද්වතුන්ගේ හා පර්යේෂකයන්ගේ මතය වූයේ මහනුවර නගරය සානුවක පිහිටීම හා වායුගෝලයේ තෙතමනය නිසා දුම ඉහළට යෑම අඩුවීම මේ තත්ත්වය නිර්මාණය කර ඇති බවය. එසේම වාහන තදබදය වැළක්වීමට කළ සමීක්ෂණවලින් හෙළිවූයේ නගරය පසුකර වෙනත් ප්‍රදේශවලට යන වාහනද නගරය තුළින් ගමන් කිරීම වාහන තදබදයට හේතුවන බවය.

නගරයේ අධික වාහන තදබදයක් පවතින්නේ මහනුවර වැවරවුම මාර්ගයේය. මන්ද කටුගස්තොට දෙසට ගමන කරන වාහන සඳහා නගරය මඟහැර ගමන් කිරීමට විකල්ප මාර්ග භාවිත කළ හැකි වුවත් වැවරවුම පසු කිරීමට වෙනත් විකල්ප මාර්ගයක් නොමැති වීමය. දැනට ඇති මාර්ගය පුළුල් කිරීමේදී ද මහනුවර වැවටත් මල්වතු විහාරය හා අනෙකුත් පෞරාණික ගොඩනැඟිලිවලටත් හානි සිදුවීමය. එවැනි විකල්පයකදී නාය යැමේ අවදානමක් වර්ධනය වීමය. මහනුවර නගරයේ මාර්ග සංවර්ධනයේදී පෞරාණික ස්ථාන රැක ගැනීමේ කොන්දේසිය ප්‍රමුඛව මතුවේ. මේ සියලු දේ අමතක කර එම මාර්ගය පුළුල් කළද නාගරික සීමාවට පිවිසෙන වාහන නගරය තුළින් ගමන් කළ යුතුය.
මේ සඳහා ඉදිරිපත් වූ විකල්පය යෝජනා අතරින් වඩාත්ම සුදුසු යෝජනාව ලෙස තේරා ගත්තේ උමං මාර්ගයක් නිර්මාණය කිරීමය. උමං මාර්ගය නිර්මාණය කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහාය ඇතිව මොරටුව විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් 2011 වසරේ කරන ලද අධ්‍යයනයන්ට අනුව සැකසූ ශක්‍යතා අධ්‍යයන වාර්තාවන්ට පසුගිය අප්‍රේල් මාසයේදී කැබිනට් අනුමැතිය ලැබිණි. එය දකුණු කොරියානු රජයේ සහනදායී ණය ආධාර මත උසස් අධ්‍යාපන හා මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සිදුකිරීමට නියමිත විය. මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු මධ්‍යම ඉන්ජිනේරු උපදේශක කාර්යාංශය මඟින් සිදුකෙරිණි.

කිලෝමීටර් 04ක් දිග මෙම උමං මාර්ගය නගරයට බටහිර දෙසින් ඇති සුදුහුම්පොළ සිට නගරයට නැඟෙනහිරින් පිහිටි තැන්නේකුඹුර දක්වා දිවෙයි. මෙම ස්ථාන දෙක අතර පිහිටි අම්පිටියෙන් (නුවරවෙල) පිවිසුම් හා පිටවීම් ස්ථානයක් ඇත. එතැන් සිට තැන්නේකුඹුර දක්වා උමං මාර්ගයේ දුර කි.මී. 1.2 දුරක් දිවෙයි. දැනට පිහිටි මහා මාර්ගයෙන් යනවිට එම දුර කි.මී. 3.8කි. එසේම අම්පිටිය (නුවරවෙල) සිට සුදුහුම්පොළට උමං මඟේ දුර කි.මී. 3.8ක්.

කොළඹ පැවැති ප්‍රවාහන මාර්ග ප්‍රසම්පාදන කර්මාන්ත සඳහා වන පර්යේෂණ (අ4ඊඹ් ධ්) වාර්ෂික සමුළුවේදී මධ්‍යම ඉන්ජිනේරු උපදේශක කාර්යාංශයේ සමාන්‍යධිකාරි භූවිද්‍යා සමීක්ෂණ අංශයේ ප්‍රධානී ඩී. එල් සී. පුෂ්පකුමාර කළ කරුණු දැක්වීමට අනුව ලෝකයේ උමං තාක්ෂණය සඳහා යොදා ගන්නා ක්‍රමවේද දෙකකි.

1. ච්පඪතත චදඤ ඡතචඵබඪදඨ
2. ඊභදදඥත ඡධපඪදඨ ථචජඩඪදඥඵ (ඊඕර්) යනු මේ ක්‍රම දෙකය. ඉන් වඩාත්ම සුදුසු ක්‍රමය වන ච්පඪතත චදඤ ඡතචඵබඪදඨ ක්‍රමය උමඟ තැනීම ස¼දහා යොදාගනී. එය කාර්යක්ෂමතාවයෙන් අඩුවුවත් වඩාත්ම ආරක්ෂක ක්‍රමයය. මේ සියල්ලටම ප්‍රථම පාෂාණ ස්තරයේ ස්වභාවය, පැළුම් ස්ථාන ආදිය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කර සිතියම් ගත කිරීමට නියමිතය. දුර්වල ස්ථානවල පොළොව මතුපිට සිට උමඟ හාරන ස්ථානය තෙක් විද පස් සාම්පල් ලබාගනී. එම පස් සාම්පල් පරීක්ෂා කර සෑම මීටර් 5ක් දුරකින් පසු අධි පීඩනයකින් ජලය පස තුළට යවා එම ජලය කොපමණ පස තුළට උරාගන්නවාද යන්න මැන ගනී. මෙම පරීක්ෂණ මඟින් උමඟ තුළට ජල කාන්දුව සිදුවනවා දැයි පරීක්ෂා කරයි. මධ්‍යම ඉන්ජිනේරු උපදේශක කාර්යාංශයේ සමාන්‍යාධිකාරි භූවිද්‍යා සමීක්ෂණ අංශයේ ප්‍රධානි ඩී. එල්. සී. පුෂ්පකුමාර ඉදිකිරීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කළේ ඒ අයුරිනි.

දැන් අප ජීවත් වන්නේ උමං ගැන ඇසෙනවිටත් ඇඟ හිරිවැටී යන තරම් බිහිසුණු අත්දැකීම් විඳිමිනි. උමා ඔය ව්‍යාපෘතිය කළ ව්‍යසනය රටම කම්පනයට පත් කළේය. බණ්ඩාරවෙල මිනිසුන්ට බොන්න වතුර පොදක් නැති විය. කරන්නට රැකියාවක් නැති විය. දේපළ හානි වුණේය. ගණනය කළ නොහැකි පරිසර විනාශයකට රට ලක් වුණේය. ඒ නිසාම ජනතාව තුළ මෙම උමං ව්‍යාපෘති පිළිබඳ පවතින්නේ බියකි. එසේම අනාගත පරපුර ලෝකයට ණයකර රට වනසන ව්‍යාපෘතිවල වගකීම ගන්නටද කෙනෙක් නොමැති නිසා මෙම ව්‍යාපෘතිය පිළිබඳ කළ විද්වත් මත විමසුමකි මේ.

නාය යෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශ, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ස්ථාන භාර නිලධාරි ජේ‍යෂ්ඨ භූවිද්‍යා (ඒඅ2) ඉන්ජිනේරු නිශාන්ත පීරිස් මේ පිළිබඳ අප හා කතිකාවට එක්වුණේය. "නාය යෑම ස්වාභාවිකයි. එය නවත්වන්න අවශ්‍ය වන්නේ නෑ. නමුත් නාය යෑමකික් මිනිසුන්ට, මිනිසුන්ගේ දේපළවලට, ජල මාර්ගවලට හානි වනවා නම් අප එය වැළැක්වීමට කටයුතු කළ යුතුයි. ස්වාභාවිකවම බර පහළට කඩා වැටෙනවා. එක පෙළට තිබෙන කන්දක් නාය ගොස් කඳු පන්තියක් නිර්මාණය වනවා."

"අපි මාර්ගයක් ඉදිකිරීමේදී සැලකිල්ලට ගන්නේ තාර දමන කොටස පමණයි. දෙපස බෝක්කු, ඇළ කණ්ඩි ආදිය ගැනත් සැලකිල්ලට ගත යුතුයි. එසේ නොවුණහොත් මාර්ග නායෑමට ලක්වෙනවා. උමා ඔය දී අප වින්දේ අප්‍රසන්න අත්දැකීමක්. නිසි ක්‍රමවේදයන් අනුගමනය කළේ නම් එය එසේ වෙන්නේ නෑ. මෙහි නාය යෑමට ලක්විය හැක්කේ පිවිසුම් ‍ෙදාරටු ආසන්නයේයි. ඒවා නිසි ප්‍රමිතියට සකස් කළ යුතුයි. මෙවැනි ව්‍යාපෘති කරන විට නිරීක්ෂණයට විශාල වියදමක් යනවා. නීතියෙන් ගැලවීමට පමණක් වාර්තා සකස් කර වැඩක් නෑ. නිසි පරිදි තොරතුරු ලබාගෙන නියමිත පරීක්ෂණ සිදුකර අපට උචිත ක්‍රමවේදය භාවිත කළ යුතුයි. භුමියේ ඉඩ නොමැති වීම කඳුහෙල් පවතින විට ස්වීඩන් වැනි බොහෝ රටවල් උමං භාවිත කරනවා. මාගේ අදහස නම් මහනුවර වාහන තදබදය ඉවත් කිරීමට සුදුසුම ක්‍රමය උමං මාර්ගය බවයි."
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජගත් ගුණතිලකගේ අදහස මෙසේය.

"උමා ඔය උමං මාර්ගයේ බරපතළ ගැටලු තියෙද්දී මහනුවරට උමං මාර්ගයක් සුදුසුද යන පැනය කා තුළත් තියෙනවා. මේ උමං මාර්ගය ඉදිකරන්නෙ මහා මාර්ගයේ වාහන තදබදය අඩු කිරීම සඳහා. මෙය සුදුහුම්පොළ සිට තැන්නේකුඹුර දක්වා දිවෙන අතර අම්පිටියේදී පිවිසුම් හා පිටවීමේ මාර්ගයක් තියෙනවා. තවත් යෝජනාවකට අනුව අම්පිටියේත් බෝගම්බරත් පිවිසුම් මාර්ග තියෙනවා. දැනට මේ දෙකටම අදාළ ශක්‍යතා වාර්තාවන් පිළියෙල කර තිබෙනවා. හන්තාන කඳුවැටිය මැදින් දිවෙන මේ උමං මාර්ගය ඉදිකිරීමට (ච්පඪතතඪදඨ චදඤ ඡතචඵබඪදඨ) විදුම් හා පිපිරවීම් ක්‍රමය යොදා ගන්නවා. මෙහිදී යම් ප්‍රශ්නයක් ආවොත් එවලේම පිළියම් යෙදීමේ හැකියාව තියෙනවා. මේ ක්‍රමය කැනියොන්, වික්ටෝරියා, පොල්ගොල්ල උමං වලදී භාවිතකර අත්දැකීම් තියෙනවා. එහිදී ජලකාන්දුවක් ආවොත් අධිපීඩනයෙන් සිමෙන්ති දියර විදිනවා. එය ග්‍රවටින් නමින් හඳුන්වනවා. උමා ඔය කළේ උමං විදුම් යන්ත්‍රයකින් (ඊඕර්) එහිදී පිළියම් කිරීමේ හැකියාව සීමිතයි. ඊඕර් යන්ත්‍රය මීටර් 160 දිගයි. එහිදී යම් ගැටලුවක් ආවොත් උපකරණය විදුම් ස්ථානය පසුකර ඉදිරියට යා යුතුයි. දැන් උමා ඔය යන්ත්‍රයත් පිටතට ගෙන ප්‍රිග්‍රවුටින් කොටසක් සවිකරමින් යනවා.

සමනල ඔය යෝජනා ක්‍රමයේදී දියවිනි ඔය උමඟ තුළට ආවා. නමුත් එයට පිළියම් යෙදුවා. අවදානම් සහිත ස්ථානයකට කලින් උමඟ සාදා පිළියම් යෙදිය හැකියි. නමුත් මහනුවර උමං මාර්ගය සැකසීමේදී විදුම් සහ පිපිරවීම් (ටඪතතඪදඨ චදඤ ඡතචඵබඪදඨ) යොදා ගන්නා නිසා ආපදාවක් ඇති වුවහොත් ක්ෂණිකව විසඳුම් දිය හැකියි.
මහාමාර්ග ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති භාර ඉන්ජිනේරු මංගල සෙනරත් "මව්බිම"ට මේ පිළිබඳ සිය පැහැදිලි කිරීම කළේය.

"මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ නිසි පාරිසරික අධීක්ෂණ වාර්තාවක් සකස් කිරීමෙන් පසුවයි. මේ සඳහා කොරියන් රජයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 200ක සහනදායීි ණය මුදලක් ලැබෙනවා. එය වසර 40කින් ගෙවිය යුතු දිගුකාලීන ණයක්. පොලිය 0.15%ක් පමණ වෙනවා. නොවැම්බර් මාසයේ මේ සඳහා ගිවිසුම් අස්සන් කිරීමට නියමිතයි."

"නගරයේ වාහන තදබදය අඩු කිරීමට සැලසුම් කළ මෙම යෝජනා ක්‍රමයට නගර මධ්‍යයේ බෝගම්බර පිවිසුම් ‍ෙදාරටුවක් එක්කළේ ඇයි?" අපි ඔහුව විමසුවෙම්.
"මෙය පසුව එක්වූවක්. මෙය හදිසි අවස්ථාවකදී නගරයේ වාහන තදබදය අඩුකිරීමට යොදා ගත හැකියි. එසේම එය ඍ.ධ්.ර්ථී. ‍ෙදාරටුවක් ලෙසද භාවිත කළ හැකියි."
අවසානයේදී අපි මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායකව හමුවුණෙමු.

"නෝර්වේ, ස්වීඩන් වැනි රටවල මෙවැනි උමං මාර්ග බහුලව තියෙනවා. මෙය මීට වසර පහකට පෙර පැමිණි යෝජනාවක්. එහිදී මම නම් යෝජනා කළේ මෙය උසාවි සංකීර්ණයෙන් එහා දංගොල්ල දෙසට එනවානම් වඩාත් හොඳ බවයි. එම කොටස උමඟක් ලෙස නැති වුණත් ගන්නෝරුවෙන් එන අධිවේගී මාර්ගයට යාහැකි මාර්ගයට යා කළ හැකියි. බොහෝ දෙනා ඒ අවස්ථාවේ එය පිළිගත්තත් ඉන් වාහන තදබදය අඩු කිරීමට වන බැලපෑම 15%ක් පමණයි කියා ඒ දවස්වල කීවා. කෙසේ වුවත් නිසි ප්‍රමිතියෙන් යුතුව මෙය ඉදිකළ යුතුයි" ඔහු පැවැසීය.

මහේන්ද්‍ර රන්දෙණිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්