අමරදේවයන් වෙනුවෙන් ආශ්‍රමය තැනේ

  👤  3619 readers have read this article !
By mawbima 2017-08-22

උදයන්ති මුණසිංහ

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සංගීත ක්ෂේත්‍රයට කරන ලද මෙහෙය කෘතවේදීව අගය කිරීම වෙනුවෙන් "අමරදේව අසපුව" නමින් සංගීත ආශ්‍රමයක් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පිහිටුවීමට කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම සංගීත ආශ්‍රමය පිහිටුවන බවත්, එය ඓතිහාසික පර්යේෂණ, ලේඛනාගාර, පුස්තකාල හා කෞතුකාගාරයකින් සමන්විත සංගීත ආශ්‍රමයක් බවත් එම අමාත්‍යාංශය පවසයි.

මෙහි සමාරම්භක උළෙල එළැඹෙන 28දා උදෑසන 10.00ට බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවද ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්