අපේ රටේ ලක්ෂ 2ක් ගංජාවලට වහවැටිලා

  👤  3082 readers have read this article !
By mawbima 2017-08-23

දෙනගම
ධම්මික රණවීර

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලක්ෂ දෙකකට අධික පිරිසක් ගංජා භාවිතයට ඇබ්බැහි වී ඇතැයි අන්තරායකර ඔෟෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

ඔහු එසේ පැවැසුවේ ඊයේ (22දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමින්ය.
මෙහිදී අදහස් දැක්වූ එම සමීක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා භද්‍රානි සේනානායක මහත්මිය ගංජා භාවිතයෙන් වැඩිම පිරිසක් එනම් 60%ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වන බව පැවැසුවාය. දේශීය වෛද්‍ය ක්‍ෂේත්‍රය සඳහා වසරකට අවශ්‍ය වන්නේ ගංජා කිලෝ 300කට අඩු ප්‍රමාණයක් බව පැවැසූ ඇය අක්කර 100ක ගංජා වගා කිරීමේ යෝජනාව පිළිබඳ අන්තරායකර ඔෟෂධ පාලක මණ්ඩලය සලකා බැලීමට සූදානම් බවද අවධාරණය කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්