ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට යෝජනා භාර ගැනීම 31දා තෙක්

  👤  2949 readers have read this article !
By mawbima 2017-08-23

දෙනගම ධම්මික රණවීර

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව සකස් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් මණ්ඩලයට යෝජනා ලබාදීම සඳහා එම මණ්ඩලය නියෝජනය කරන දේශපාලන පක්ෂවලට...දී තිබූ කාලය අගෝස්තු 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ඊයේ (22දා) පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් මණ්ඩලයේ දී තීරණය කොට ඇත.

පසුගිය 8 වැනිදා පැවැති එම මෙහෙයුම් මණ්ඩලය දැනුම් දී තිබුණේ අගෝස්තු 22 වැනිදා වනවිට එම යෝජනා ලබාදෙන ලෙසයි. එහෙත් එම යෝජනා ලබාගැනීමේ කාලය දිගු කරන බවත් එදිනට සියලුම දේශපාලන පක්ෂවල යෝජනා ලබාදිය යුතු බවත් එම මෙහෙයුම් කමිටුවේ සභාපති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දී ඇත.
මේ අතර මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවල සිංහල, දෙමළ සහ ඉංගී්‍රසි භාෂා පිටපත්වල එක් එක් වචන සම්බන්ධව පරස්පරතා සහිත විවිධ පද යෙදුම් භාවිත කොට ඇති බවට චෝදනා කරන ඒකාබද්ධ විපක්ෂය එම අතුරු වාර්තා තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා අමතර කාලයක් අවශ්‍ය බව කියමින් ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් මණ්ඩලය වෙත ලිපියක් භාරදී තිබිණි. ඒ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් දෙදෙනා වන දිනේෂ් ගුණවර්ධන සහ ප්‍රසන්න රණතුංග මහත්වරුන්ගේ අස්සනින් යුතුවයි.

මේ අතර අද (23දා) සහ හෙට (24දා) පැවැත්වීමට මීට පෙර දින නියම කොට තිබූ මෙහෙයුම් කමිටු රැස්වීම එම දිනවල නොපවත්වන බවද රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්