මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණයට කෝටි 4.5ක්

  👤  2981 readers have read this article !
By mawbima 2017-08-23

දෙනගම ධම්මික රණවීර

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියනෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 45ක් ලබා දීමට ඊයේ (22දා)...කැබිනට් මණ්ඩලයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් අනුමැතිය පළ විය.

හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කිරීමට පත් කළ කැබිනට් අනුකමිටුවේ යෝජනා සැලකිල්ලට නොගෙන අදාළ ගිවිසුම අස්සන් කිරීම ඇතුළු කරුණු රැසක් විවේචනයට ලක් කරමින් හිටපු වරාය ඇමැති මෙන්ම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා විසින් මෙහිදී නිරීක්ෂණ 28කින් යුතු විශේෂ වාර්තාවක්ද ඉදිරිපත් කොට ඇත. ඒ පිළිබඳ පැවැති සාකච්ඡාවේදී වරාය ගිවිසුම සංශෝධනය කිරීමට ඇති අවස්ථා පිළිබඳ සොයා බලා කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්