කතරගම සිද්ධිය ගැන වාර්තාවක් ඉල්ලයි

  👤  2952 readers have read this article !
By mawbima 2017-08-23

කුමුදු උපුල් ශාන්ත

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඊයේ (22දා) අලුයම් කාලයේදී ඇති වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා කඩිනමින් තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ මහතා බෞද්ධ කටයුතු කොමසාරිස් කොටවෙලගෙදර මහතා වෙත දන්වා තිබේ.
ප්‍රධාන දේවාලයේ යතුර සම්බන්ධයෙන් එම දේවාලයේ බස්නායක නිලමේවරයා හා කපු මහත්වරුන් අතර ඇති වූ අර්බුදයක් මෙම සිද්ධියට හේතු වී ඇති බව අනාවරණය වෙයි.
මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් කොටවෙලගෙදර මහතාගෙන් විමසීමේදී ඒ මහතා කියා සිටියේ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලබාදුන් උපදෙසකට අනුව එම සිද්ධිය පිළිබඳව සොයා බලා වාර්තාවක් සකස් කිරීම සඳහා අමාත්‍යාංශයේ සහකාර කොමසාරිස්වරයෙක් පත් කර ඇති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්