ජ’පුර රෝහලෙන් ප්‍රතිකාර ගන්නා පූජ්‍ය පක්ෂයෙන් මුදල් අය කරන්න එපා

  👤  2929 readers have read this article !
By mawbima 2017-08-23

උදයන්ති මුණසිංහ

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන පූජ්‍ය පක්ෂයෙන් මුදල් අය කිරීම නතර කරන ලෙසට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න රෝහල් පාලනාධිකාරියට දැනුම්දී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට පැමිණෙන සියලු ආගම්වල පූජ්‍ය පූජක පක්ෂය සඳහා නොමිලේ ප්‍රතිකාර ලබාදීම සඳහා පැවැති ක්‍රමවේදය අධ්‍යයනය කිරීමේදී ඒ සඳහා අධික මුදලක් වැයවන බව පෙනී ගිය හෙයින් රෝහල අවට ඇති ආගමික සිද්ධස්ථානල පූජ්‍ය පක්ෂයට පමණක් නේවාසිකව ප්‍රතිකාර ලබාදීම සිදුකිරීමට රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබිණි.

එම තීරණ අවලංගු කරමින් රෝහලට පැමිණෙන පූජ්‍ය පක්ෂයට නේවාසික හා බාහිර ප්‍රතිකාර නොමිලේ ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේ මහතාට උපදෙස් දී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්