හැම මන්ත්‍රිවරයකුගේම මේසය මතට පරිගණකයක්

  👤  2917 readers have read this article !
By mawbima 2017-08-23

දයා පෙරේරා, ජේ. ටී. ද සිල්වා

පාර්ලිමේන්තු සභා ගර්භයේ සෑම මන්ත්‍රිවරයකුගේම මේස මතට ඊයේ (21) සිට පරිගණකයක් හිමිවිය.
රජයේ වියදමකින් තොරව ක්‍රියාත්මක කළ ඊ චෙම්බර් හෙවත් සභාගර්ග කළමනාකරණ තොරතුරු පද්ධති ව්‍යාපෘතිය යටතේ මේ පරිගණක ලබාදුන් ව්‍යාපෘතියේ පරිගණක විදේශ ආධාරයක් බවත් කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ඊයේ දවසේ කටයුතු ආරම්භයට පෙර නිවේදනය කෙළේය.

ව්‍යවස්ථාදායක තොරතුරු මෙන්ම මන්ත්‍රිවරුන්ගේ වැටුප් හා පැමිණීමේ විස්තර යනාදී පෞද්ගලික තොරතුරුද නියමිත දිනට අදාළ තොරතුරු සහ පසුගිය තොරතුරුද අන්තර්ජාල සහ විද්‍යුත් තැපැල් සේවා පහසුකම්ද මන්ත්‍රිවරුනට සිය ආසනයේ සිටම ලබා ගත හැකි බවත් කතානායකවරයා දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම සභා ගර්භය තුළ සිදු කෙරෙන කටයුතු තවදුරටත් කාර්යක්ෂම හා ඵලදායි අයුරින් සිදු කිරීමට සහායවීම මේ ව්‍යාපෘතියේ අරමුණ බවද කතානායකවරයා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්