උමා ඔය ව්‍යාපෘතියෙන් විපතට පත් ජනතාවට දැනට ලැබී ඇත්තේ 10%ක සහනයක්

  👤  2953 readers have read this article !
By mawbima 2017-08-23

අනුරාධා හේරත්

උමා ඔය ව්‍යාපෘතිය නිසා විපතට පත් ගම්මානවල ජනතාව ඉල්ලූ සහනවලින් මේ වනවිටත් ලැබී ඇත්තේ සියයට 10ක ප්‍රමාණයක් බැවින් ඉතිරි සියයට 90 ලබාදීම මඟහරින්නේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ජවිපෙ උෟව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න අවධාරණය කරයි.

ඊට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව මන්ත්‍රිවරයා පවසයි.
උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියෙන් හානියට පත් වූ ජනතාව මේ වනවිට විශාල අර්බුද ගණනාවකට මුහුණ දී ඇති බව පවසන විද්‍යාරත්න මහතා කියා සිටියේ, ලබාගැනීමට ඇති ඉතිරි සියයට 90ක සහන දිනාගැනීම උදෙසා ජනතාව පෙළගැස්වීමටත් අදාළ ගැටලු සාකච්ඡා කරමින් ගම් මට්ටමින් රැස්වීම් 36ක් පැවැත්වීමට කටයුතු කරන බවත්ය. ඒ සඳහා සංඝරත්නය ඇතුළු ජවිපෙ නිලධාරීන් සහභාගි වන බවත් සාධාරණය සිදුනොවුණහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සෑම ගම්වැසියකුගේම එකඟතාව ලබාගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්