කොන්දේසි විරහිතව සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි

  👤  2913 readers have read this article !
By mawbima 2017-08-23

නුවන් හෙට්ටිආරච්චි, මුලතිව් - ශෂිකුමාර්

සියලුම දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කළ යුතු බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු එම්. සත්‍යවේල් පියතුමා පවසයි.
අනුරාධපුර බන්ධනාගාරයේ දේශපාලන සිරකරුවන් අරඹා ඇති උපවාසය සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹ "ගුරු මැඳුර" ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් පියතුමා මේ බව පැවැසීය.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දේශපාලන සිරකරුවන් තිදෙනකු වූ මදි අරසත් සුලක්ෂන්, ගනේෂ් දර්ශන් සහ ආර්. තිරුවරුල් යන අය විසින් ඉකුත් 20 වැනිදා සිට මේ උපවාසය අරඹා ඇත.

තමන්ට එරෙහිව වවුනියාව මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුව එම අධිකරණයේ විභාග නොකර වෙනත් අධිකරණයකට මාරු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කිරීම මෙම උපවාසයට හේතු වී ඇති බව පියතුමා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්