පරිසර නියමු වාර්ෂික මංගල්‍යය අද සිට නුවරඑළිය ශ්‍රී පාද ජාතික අධ්‍යාපන පීඨයේදී

  👤  2959 readers have read this article !
By mawbima 2017-08-23

හර්ෂනී අර්සකුලරත්න

මධ්‍යම පරිසර අධිකාරිය මෙරට පාසල් පද්ධතියේ ක්‍රියාත්මක කරන පරිසර නියමු වැඩසටහනේ වාර්ෂික මහා මංගල්‍යය මේ මස 23,24,25 සහ 26 යන දිනයන්හිදී නුවරඑළිය පතන පිහිටි ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී පැවැත්වෙයි.

මේ කඳවුරු වැඩසටහනේ සමාරම්භක උළෙල පැවැත්වෙනුයේ 24දා ප.ව. 4.00ට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක සහ මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය ඇමැති නීතිඥ අනුරාධ ජයරත්නගේ ප්‍රධානත්වයෙනි.

පරිසර නියමුවන් දෙසිය පනහක් සමඟ, පරිසර නියමු ක්‍රියාකාරීන් විශාල පිරිසක් මේ දින හතර පුරා කඳවුරට සහභාගි වෙති.
මේ කඳවුරු සඳහා සහභාගි වන නියමුවන්ට පාසලේදී පරිසරය පිළිබඳ ලබන න්‍යායික දැනුම දින හතරක් පුරා ප්‍රායෝගිකව අත්විඳීමට අවස්ථාව උදා වේ.
දහතුන් වැනි වරට පැවැත්වෙන මේ පරිසර නියමු කඳවුරු වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ අංශය සංවිධාන කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්