වවුනියාව - යාපනය දුම්රිය හරස් මාර්ග අනතුරු සංඥා නොකඩවා නාද වීමෙන් නොසන්සුන්තාවක්

  👤  2917 readers have read this article !
By mawbima 2017-08-23

මඩුකන්ද - දීපාල් බණ්ඩාර

වවුනියාව - යාපනය ප්‍රධාන මාර්ගයේ තාණ්ඩිකුලම මංසන්ධියේ පෙරේදා (21දා) පෙ.ව. 08.05 සිට දහවල් වන තුරුම දුම්රිය හරස් මාර්ග අනතුරු සංඥා නොකඩවා නාදවීමෙන් නොසන්සුන්තාවක් හට ගැනුණි.

මේ ස්ථානය ඉතා අනතුරුදායක සන්ධියක් වන අතර පසුගිය 15 වැනිදා සිදුවූ දුම්රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්විය.
මේ ස්ථානයේ සවිකර ඇති අනතුරු සංඥා අඛණ්ඩව නාද වීම නිසා ජනතාව ඉතා නොසන්සුන්තාවකට පත්ව සිටිති.
එම තොරතුර ලද සැණින් වවුනියාව පොලිසිය හා වවුනියාව දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතාද එම ස්ථානයට ගොස් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන් පාලනයට පොලිස් නිලධාරීන්ද යෙදවීමට සිදු විය.

සංඥා නාදය ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල වූ අතර පැය කිහිපයක් යනතුරුත් දුම්රිය බලධාරීන් අනතුරු සංඥා යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු නොකිරීම ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්විය.

අනතුරුව දුම්රිය දෙපාර්තමේන්තුවට අනතුරු සංඥා යථා තත්ත්වයට පත්කිරීමට දැනුම් දී තිබෙන අතර එතෙක් ජනතාවගේ ආරක්ෂාවට එම ස්ථානයට රථ වාහන පොලිසිය යෙදවීමට කටයුතු කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්