මඩකළපුව මහ නගර සභාවේ කුණු බැහැර කරන ස්ථානයක හදිසි ගින්නක්

  👤  2911 readers have read this article !
By mawbima 2017-08-23

චාමර අමරසූරිය

මඩකළපුව, තිරුප්පරන්තුරෙයි ප්‍රදේශයේ පිහිටි මඩකළපුව මහ නගර සභාවට අයත් කුණු බැහැර කරන ස්ථානයක ඊයේ (22දා) අලුයම 1.40ට පමණ හිදිසි ගින්නක් හටගෙන තිබේ.

මඩකළපුව පොලිසියට ලද තොරතුරු මත මඩකළපුව මහ නගර සභාවේ ගිනි නිවන රථ සහ එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව ගින්න මැඬපැවැත්වූ බව පොලිසිය සඳහන් කරයි. මේ ගින්න කෙසේ ඇති වූවාදැයි යන්න මෙතෙක් හෙළිවී නොමැති අතර මඩකළපුව පොලිසිය මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්