දකුණේ රෝහල්වල හෙද නිලධාරීන් ලෙඩ නිවාඩු

  👤  2915 readers have read this article !
By mawbima 2017-08-23

උදයන්ති මුණසිංහ

දකුණු පළාත් සභා රෝහල්වල සේවයේ නියුතු හෙද නිලධාරීන් ඊයේ (22දා) සිදුකළ පැය 24ක ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථක වූ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

පසුගිය වසරේ ජනවාරි 1දා සිට වැඩිවූ වැටුපට සාපේක්ෂව අනුමත අතිකාල නොගෙවීම, පළමු ශේ්‍රණියේ හා අධි ශේ්‍රණියේ උසස් වීම් 2010 වසරේ සිට ලබා නොදීම ඇතුළු ඉල්ලීම් පහක් මුල් කරගනිමින් හෙද නිලධාරීන් මෙලෙස වර්ජනයේ නිරත විය.
බළපිටිය, ඇල්පිටිය, උඩුගම, කඹුරුපිටිය, දෙනියාය හා තංගල්ල ඇතුළු මූලික රෝහල්ද සියලු දිස්ත්‍රික් රෝහල්වලද ඉතා සාර්ථක ලෙස මේ වර්ජනය ක්‍රියාත්මක වූ බවත් හෙද නිලධාරීන් 1500කට අධික පිරිසක් අසනීප නිවාඩු වාර්තා කර තිබුණු බවත් එම සංගමය පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්