ජන සංගීත කණ්ඩායම් ලියාපදිංචි කිරීමට අයැදුම්පත් කැඳවයි

  👤  2907 readers have read this article !
By mawbima 2017-08-23

චාමිණී ගම්මන්පිල

ජන සංගීත ක්‍ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දිවයින පුරා විසිරී සිටින විවිධ භාෂා, සංස්කෘතීන්, සම්ප්‍රදායන් හා පරම්පරා නියෝජනය කරන ජන සංගීත කණ්ඩායම් ලියාපදිංචි කිරීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙම ලියාපදිංචිය කාණ්ඩ දෙකක් යටතේ සිදු කෙරේ.

පළමු කාණ්ඩය ලෙස හේවිසි, රබන්, උඩැක්කි, පන්තේරු, ශාන්තිකර්ම ආදී කණ්ඩායම් ලියාපදිංචි කෙරෙන අතර දෙවැනි කණ්ඩායම ලෙස ජන සංගීතය පදනම් කරගෙන නිර්මාණකරණයෙහි යෙදෙන නව කණ්ඩායම්වලට ලියාපදිංචිය සඳහා ඉදිරිපත් විය හැකිය. සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍ර ණචදචඨඥඥටථජජ@ඨථචඪත.ජධථ විද්‍යුත් ලිපිනයට හෝ ස්ථානභාර නිලධාරි, ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානය, 15 මහල, සුහුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට අගෝස්තු මස 31 දිනට පෙර එවිය යුතුයි.
මේ පිළිබඳ වැඩිදුර විස්තර දුරකතන අංක 0112186252න් හෝ 0714481150 ඇමැතීමෙන් ලබා ගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්