සමෘද්ධිලාභී පවුල් ගැන කළ සමීක්ෂණයට කෝටි 13ක මහජන මුදල් වැය කරලා

  👤  2966 readers have read this article !
By mawbima 2017-08-23

අනුරාධා හේරත්

මෙරට සමෘද්ධිලාභී පවුල් පිළිබඳ පසුගිය වසරේ සිදුකළ සමීක්ෂණයක් සඳහා සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුබසාධන ඇමැති එස්. බී. දිසානායක මහජන මුදල් රුපියල් කෝටි 13කට ආසන්න මුදලක් වැය කර ඇති බව සමස්ත ලංකා සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි.
එහි ප්‍රධාන ලේකම් චාමර මද්දුමකලුගේ පැවැසුවේ සමෘද්ධිලාභීන්ට අයත් එම රුපියල් කෝටි 13කට ආසන්න මුදල ඇමැතිවරයා විසින් නැවත පියවිය යුතු බවයි.
දිස්ත්‍රික් මට්ටමින් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා මෙරට සමෘද්ධිලාභී පවුල් පිළිබඳ කළ සමීක්ෂණයට ප්‍රවාහන, ඉන්ධන ලබාගන්නා තොරතුරු පරිගණක ගත කිරීම ඇතුළු කටයුතුවලට එකී මුදල් වැය වී ඇති බව සඳහන් වී ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි.

ඇමැති එස්. බී. දිසානායක මහතා විසින් මෙරට සමෘද්ධිලාභී පවුල්වලින් සියයට 10ක් සවිබල ගන්වනවා යැයි කියමින් ගෙන ආ යෝජනාව මඟින් සිදුවන්නේ සමෘද්ධි සහන ලබන ජනතාව සවිබල ගන්වනවා වෙනුවට ඔවුන්ට හිමි සහන කප්පාදුවක් බවත් එම 10% ක්‍රියාවලිය වසරක් පාසා සිදුවනු ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
ඔහු කියන්නේ සමෘද්ධි සහන ලබන පවුල්වල සිදු කරන සමීක්ෂණවලට අනුව ලෑලි, තහඩු හා මැටිවලින් ඉදිකෙරුණු නිවෙස් හැර අනෙක් නිවෙස්වලට ලකුණු කපා හැරීම, කුකුළන් 50කට අධිකව සිටින නිවෙස්වල ලකුණු කැපීම වැනි අසාධාරණ කටයුතු ඒ හරහා සිදුවන බවත් මෙමඟින් බොහෝ පිරිසකට සමෘද්ධි සහනය අහිමි වන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්