තමාට විරුද්ධව බොරු පැමිණිල්ලක් කළා යැයි ජ්ඛ්ධ්ච් නිලධාරියාට එරෙහිව නාමල්ගෙන් පැමිණිල්ලක්

  👤  2956 readers have read this article !
By mawbima 2017-08-23

චාමර අමරසූරිය

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරියකු තමාට විරුද්ධව අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කළා යැයි සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූලස්ථානයේ පිහිටි පොලිස්පති සහන මැදිරියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඉකුත් 15දා සිය සහෝදරයා වූ රෝහිත රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබූ දින තමා මෙලෙස එහි පොලිස් නිලධාරියකුට තර්ජනය කළ බවට එම නිලධාරියා අසත්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව නාමල් රාජපක්ෂ මහතා පැමිණිල්ල සිදු කර ඇත. නාමල් රාජපක්ෂ මහතා පෙරේදා (21දා) දින පස්වරුවේ නීතිඥ ප්‍රේම්නාත් සී. ‍ෙදාළවත්ත මහතා සමඟ පොලිස් මූලස්ථානයට ගොස් මෙම පැමිණිල්ල අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව සිදුකර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්