ඇවන්ගාඩ් නඩුවේ නීතිපති තීන්දුව ගැන නැවත පරීක්ෂණයක් පවත්වන්න

  👤  2987 readers have read this article !
By mawbima 2017-08-23

ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් නීතිපති තීන්දුව නැවත විශ්ලේෂණය කර පරීක්ෂණයක් පවත්වන්නැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න අගමැතිවරයාගෙන් ඉල්ලයි.

විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා පරපුරක් ගැන මැදවච්චියේදී කියනවා. එයා හැදුවේ ඇවන්ගාඩ් පරපුර විතරයි. ආයුධ 3600ක් අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් නඩුවේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ් කළේවත් නැහැ. රසපරීක්ෂක වාර්තාවලින් කියැවුණේ එම ආයුධවල අංක මකා දමලා කියලා. මෙහෙම රසපරීක්ෂක වාර්තා ලබාදෙන ආයතනයක් බලුකිස්තානයේවත් නැහැ කියලා මම කියනවා. මෙහෙම අධ්‍යක්ෂවරු ඉන්නේ ලංකාවේ විතරයි. ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවත් ප්‍රකාශ කළේ නඩු නිමිත්තක් නැහැ කියලා" යැයිද හෙතෙම කීය.

ඇමැතිවරයා එසේ කීවේ ‍ෙදාම්පේ කිරිඳිවැල බස් නැවතුම්පළ විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණි.

ඇමැතිවරයා එහිදී මෙසේද කීවේය.
"අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත මේ ඇමැතිවරයාට යෑමට ඉඩ සලන්වන ලෙසයි. මා ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ. එවිට අපේ රජය ආරක්ෂා වෙනවා. වසර 2020 නොව වසර 2025 දක්වා මේ රජය ඉදිරියට ගෙන යන්න පුළුවන්."
ඇතැම් ඇමැතිවරු ඇමැති වරප්‍රසාද තියාගෙන රජය විවේචනය කරනවා. නිදහස අයුතු ලෙස භාවිත කරනවා. පසුගිය රජයේ කතා නොකරපු ඇමැතිවරු අද වීරයන් වගේ වෙලා. පසුගිය රජය සමයේ ඔවුන් කට වහගෙන හිටියේ. වැරැදි වැඩ කරන කොට ඒවා පෙන්නුවේ නැහැ. වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම්වලට රජ ගෙදරින් ලැබුණු දුරකතන ඇමැතුම් 46 පිළිබඳ පරීක්ෂණ පැවැත්වූවා. එම ඇමැතුම් ලබාදී තිබෙන්නේ විහාර මහා දේවියයි. වර්තමානයේ සියලු දෙනාම අහන්නේ හොරුන්ට දඬුවම් දෙන්නේ කවදාද කියලයි"

"මේ රටේ අධිකරණ ඇමැතිවරයාගේ ගැටලු තිබෙනවා. වසර දෙකහමාරක් නඩු විභාග නොකර සිටීමට බලපෑම් කළේ අධිකරණ ඇමැතිවරයායි. මේ ගැන ප්‍රසිද්ධියේ කියන්න සිදුව තිබෙනවා.

නඩු විභාග ප්‍රමාද වුණේ එම නිසයි. ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ජනතාව ඉල්ලන්නේ හොරු අල්ලන්න කියලයි. ප්‍රසිද්ධියේ කතා කිරීමට අපහසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුත් අහන්නේ හොරු අල්ලන්නේ කවදාද කියලා. නඩු විභාගයට ගන්නේ අධිකරණ අමාත්‍යවරයායි. විශේෂ අධිකරණයක් ස්ථාපිත කර නඩු විභාග කරන්න තීරණය කළාම අධිකරණ අමාත්‍යවරයා කියනවා ඒ සඳහා ව්‍යවස්ථාව වෙනස් කරන්න අවශ්‍යයි කියලා.

දිනපතාම නඩු විභාග කළ යුතුයි. විද්‍යා ඝාතනය, බණ්ඩාරනායක ඝාතනය, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය යන සිද්ධීන්වල දිනපතාම නඩු ඇහුවා. පසුගිය රාජ්‍ය සමයේ ප්‍රධානීන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳව ද දිනපතාම නඩු ඇසිය යුතුයි. මම මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේදී ප්‍රශ්න කළා. හිටපු නීතිපති තිලක් මාරපන මහතා එය සනාථ කරමින් පිළිතුරු ලබා දුන්නා. විශේෂ අධිකරණ 3ක් ස්ථාපිත කර නඩු විභාග ආරම්භ කළහොත් යළි පොහොට්ටුව පිපෙන්නේ නැහැ. එය සදාකාලික පොහොට්ටුවක් වෙනවා.

හොරගල් අහුලපු රජයේ ඇමැතිවරුන්ට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පක්ෂව කවුරුත් කතා කළේ නැහැ. චෝදනා කළා පමණයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්