රණවිරුවන් සමරන පොපි මල් පැලඳවීම පාර්ලිමේන්තුවේදී

  👤  3079 readers have read this article !
By mawbima 2017-08-23

දෙනගම ධම්මික රණවීර

සන්නද්ධ හමුදාවේ රණවිරුවන් සමරමින් වාර්ෂිකව සිදුකරන පොපි මල් සැමරුම නිමිත්තෙන් පොපිමල් පැලඳවීමේ වැඩසටහනක් ඊයේ (22දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

එම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක, ප්‍රධාන වේත්‍රධාරී අනිල් සමරසේකර, සහකාර වේත්‍රධාරිවරුන් වන නරේන්ද්‍ර ප්‍රනාන්දු, කුෂාන් ජයරත්න මහත්වරුන් මෙන්ම සේවා මුක්ත භට සංගමය නියෝජනය කරමින් බි්‍රගේඩියර් කේ.ඒ. ඤාණවීර, රියජ් අද්මිරාල් එස්.ආර්. සමරතුංග, ලුතිනන් කර්නල් ඩී.එම්. අමරකෝන්, මේජර් ජෙනරාල් වසන්ත පෙරේරා, දිලානි සේනානායක මහත්ම මහත්මීහු එක්වී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon