සෞදියේ සිට පැමිණි ගුවන් මගියාගේ මල්ලේ සූක්ෂ්ම ලෙස සඟවා තිබුණු ස්වර්ණාභරණ තොගයක් රේගුවේදී අල්ලයි

  👤  3152 readers have read this article !
By mawbima 2017-08-23

කටුනායක _ ගයා තිරිමාදුර

සෞදි අරාබියේ සිට පැමිණි 27 හැවිරිදි ගුවන් මඟියකු නීති විරෝධීව මෙරටට ගෙන ආ ස්වර්ණාභරණ තොගයක් පෙරේදා (21දා) සවස කටුනායක ගුවන් තොටුපොළේ දී රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ පුද්ගලයා තමන් භාවිත කළ ඇඳුම් සහ පෞද්ගලිකව භාවිතාවට ගන්නා දෑ අඩංගු ගමන් මල්ලේ සූක්ෂ්ම ආකාරයට මේ ස්වර්ණාභරණ තොගය සඟවා ගෙන තිබී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සෞදි අරාබියේ සිට පැමිණි සෞදියා ගුවන් සේවයට අයත් එස්.වී. _ 780 දරන ගුවන් යානයෙන් මොහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.
මොහු රැගෙන ආ ස්වර්ණාභරණ තොගයේ මුළු බර ග්‍රෑම් 225ක් වූ අතර ඒවායේ වටිනාකම රුපියල් 12,75,400ක් බව රේගුව පවසයි.
ගුවන් තොටුපොළ සේවයේ යෙදී සිටින සහකාර රේගු අධිකාරිවරුන් වන එම්.එම්.පී. ගුණතිලක, ටී.එස්.එස්. ධනපාල, එම්.ඩබ්ලිව්.ඒ.ටී.එම්. විජේසූරිය සහ එච්.එම්.ඩී.පී. හේරත් යන මහත්වරුන් මේ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි.

නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ දුමින්ද වීරක්කොඩි මහතා මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අරඹා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon